Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව 6 වැනි තැනට නගී

ශ්‍රී ලංකාව 6 වැනි තැනට නගී

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් (දිවා-රාත්‍රී) ලකුණු 68 ක ජයක් අත්කරගැනීමත් සමග ටෙස්ට් ශ්‍රේණිගත කිරීමහි 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


මෙවර ක්‍රිකට් සමය ආරම්භයේ (2017 මැයි මාසයේ) සිටම ලකුණු 91 ක් ලබා ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වීමත් සමග ප්‍රසාද ලකුණු 3 ක් ලබාගනිමින් (94) එහි 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


තරගාවලිය ආරම්භ වීමට පෙර ලකුණු 93 ක් ලබා 6 වැනි ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් පසුව ලකුණු 5 ක් අහිමිකරගනිමින් (88) ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.


ලකුණු 125 ක් ලබා සිටින ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ සිටී.

 

 

 

 

-036


අදහස් (0)

ශ්‍රී ලංකාව 6 වැනි තැනට නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.