Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලූ 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. එම ජයග‍්‍රහණයත් සමග තරග 5 කින් සමන්විත එක්දින තරගවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කී‍්‍රඩකයෝ ඕවර 44 ක් අවසානයේ කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී 9 වැනි සහ 10 වැනි පිතිකරුවන් ලෙස පිටියට පිවිසි යසිරු රොද්‍රිගූ නොදැවී ලකුණු 12 ක්ද, මතීෂ පතිරණ නොදැවී ලකුණු 6 ක්ද රැුස්කරමින් කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළහ.
ලකුණු 13 කට කඩුලූ 3 ක් බිඳවැටෙද්දී පන්දු 58 ක් පුරා සිය කඩුල්ල රැකගත් ආරම්භක පිතිකරු අංජල බණ්ඩාර හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක් රැස්කළේය. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් පවන් පතිරාජ මෙම තරගයේදී පන්දු 47 කින් ලකුණු 17 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 55 කදී හතරේ පහරක් සමග ලකුණු 18 ක් රැස්කිරීමට සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම ඕවර 34.3 ක් අවසායේ ලකුණු 114 කට සීමා කිරීමට දුනිත් වෙල්ලාලගේ ප‍්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ නිලකුණු ඕවරයක් සමග ඕවර 6 ක් යවා ලකුණු 13 කට කඩුලූ 3 ක් බිඳහෙළුවේය. ටේරවීන් මැතිව්, රවීන් ද සිල්වා සහ යසිරු රොද්‍රිගූ කඩුලූ 2 බැගින් දවාගනිමින් එංගලන්ත යොවුන් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දායකත්වය සැපයූහ.
එංගලන්ත යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රෙහාන් අහමඞ් පන්දු 37 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක් රැස්කළේය. ඇලෙක්ස් හෝර්ටන් පන්දු 29 කදී පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, ජේම්ස් කෝල්ස් පන්දු 24 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක්ද බැගින් රැස්කිරීමට සමත් වූහ.
එංගලන්ත යොවුන් පිල - ඕවර 34.3 කදී සියලූ දෙනා දැවී 114
(ටොම් පී‍්‍රස්ට් 13, රෙහාන් අහමඞ් 19, ජේම්ස් කෝල්ස් 16, ඇලෙක්ස් හෝර්ටන් 18, ජේම්ස් සේල්ස් 13, දුනිත් වෙල්ලාලගේ 13/3, ටේරවීන් මැතිව් 10/2, රවීන් ද සිල්වා 18/2, යසිරු රොද්‍රිගූ 29/2)
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 44 කදී කඩුලූ 8 ක් දැවී 115
(අංජල බණ්ඩාර 29, පවන් පතිරාජ 17, දුනිත් වෙල්ලාලගේ 18, යසිරු රොද්‍රිගූ නොදැවී 12, තෝමස් ඇපින්වෝල් 10/2, රෙහාන් අහමඞ් 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.