Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිලට දඩ
සිම්බාබ්වේ සංචාරය

ශ්‍රී ලංකා පිලට දඩ

editorial - 2025 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පසුගිය සිකුරාදා පැවැති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දඩ නියම කර ඇත. මෙම දඩය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තරග මුදලින් 5%කි.

තරගය සඳහා වෙන්කළ හැකි අතිරේක කාලය සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම නියමිත ඉලක්කයට වඩා ඕවරයක් අඩු බව තීරණය කළ තරග තීරක ජෙෆ් ක්‍රෝ මහතා මෙම දඩය නියම කළේය. ශ්‍රී ලංකා නායක චරිත් අසලංක කණ්ඩායමේ වරද පිළිගෙන යෝජිත දඬුවම පිළිගත් බැවින් විධිමත් විභාගයක් අවශ්‍ය නොවීය.

තරගයේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කළ ලැන්ග්ටන් රුසේර් සහ රිචඩ් කෙට්ල්බරර් මහත්වරුන් දෙදෙනා ඇතුළු විනිශ්චය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා පිලට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලදි

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා පිලට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.