Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාවේ - ඉන්දියාවේ

ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාවේ - ඉන්දියාවේ

editorial - 2021 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ (2022) පෙබරවාරි සහ මාර්තු මාසවලදී ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. ඕස්ට්‍රේලියානු සංචාරයට විස්සයි20 තරග 5 ක් ඇතුළත් වන අතර ඉන්දීය සංචාරය ටෙස්ට් තරග 2 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත වේ.

පෙබරවාරි මස 11 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා විස්සිය20 තරගාවලිය පෙබරවාරි මස 20 වැනිදා අවසන් වීමට නියමිතය. සිඞ්නි, බ්‍රිස්බේන්, ක්වීන්ස්ලන්ඞ්, ඇඩිලේඞ් සහ මෙල්බර්න් යන ක්‍රීඩාංගණවලදී එම විස්සයි20 තරග 5 පැවැත්වෙනු ඇත.

එම තරගාවලිය අවසන් වී දින 5 ක් ගතවන විට ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන්දියාවට එරෙහිව පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිත අතර එම තරගය පෙබරවාරි මස 25 වැනිදා සිට මාර්තු මස 1 වැනිදා දක්වා බැංගලෝර්හිදී පැවැත්වේ.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය මාර්තු මස 5 වැනිදා සිට 9 වැනිදා දක්වා මොහාලිහිදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ පළමු තරගයද මාර්තු මස 13 වැනිදා මොහාලි ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරග පිළිවෙලින් ධරම්ශාලාහිදී සහ ලක්නව්හිදී පැවැත්වේ.

මින් පෙර ඕස්ට්‍රේලියාවේදී විස්සයි20 තරගාවලි 3 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන් තරගාවලි 2 ක් ජයගෙන, එක් තරගාවලියත් පරාජයට පත්වී තිබේ. 2013 වසරේදී 2-0 ක් ලෙසත්, 2017 වසරේදී 2-1 ක් ලෙසත් ඕස්ට්‍රේලියාව පරාජය කළ ශ්‍රී ලංකාව, 2019 වසරේදී 3-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විය.

මේ දක්වා ඉන්දියාවේදී විස්සයි20 තරගාවලි 4 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව, 2010 වසරේදී පැවැති විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කළ අතර 2016 වසරේදී 2-1 ක් ලෙසද, 2017 වසරේදී 3-0 ක් ලෙසද, 2020 වසරේදී 2-0 ලෙසද ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.

ඉන්දියාව තුළදී ටෙස්ට් තරගාවලි 8 කට ක්‍රීඩා කර තිබුණද තවමත් එක් තරගාවලියක් හෝ ජයගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත. එම තරගාවලි 8 න් තරගාවලි 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන ඇති ශ්‍රී ලංකාව, සෙසු තරගාවලි 6 දීම ඉන්දියාව හමුවේ පරාජයට පත්වී ඇත.


ඕස්ට්‍රේලියානු සංචාරය
■    පෙබරවාරි 11 - පළමු විස්සයි20 තරගය - සිඞ්නිහිදී
■    පෙබරවාරි 13 - දෙවැනි විස්සයි20 තරගය - බ්‍රිස්බේන්හිදී  
■    පෙබරවාරි 15 - තෙවැනි විස්සයි20 තරගය - ක්වීන්ස්ලන්ඞ්හිදී
■    පෙබරවාරි 18 - සිවුවැනි විස්සයි20 තරගය - ඇඩිලේඞ්හිදී
■    පෙබරවාරි 20 - පස්වැනි විස්සයි20 තරගය - මෙල්බර්න්හිදී


ඉන්දීය සංචාරය
■    පෙබ 25 සිට මාර්තු 1 - පළමු ටෙස්ට් තරගය - බැංගලෝර්හිදී
■    මාර්තු 5 සිට මාර්තු 9 - දෙවැනි ටෙස්ට් තරගය - මොහාලිහිදී
■    මාර්තු 13 - පළමු විස්සයි20 තරගය - මොහාලිහිදී
■    මාර්තු 15 - පළමු විස්සයි20 තරගය - ධරම්ශාලාහිදී
■    මාර්තු 18 - පළමු විස්සයි20 තරගය - ලක්නව්හිදී

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාවේ - ඉන්දියාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.