Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේදී පැවැත්වෙන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත්ව සිටියි. මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකා ප්‍රවීණයෝ එම තරග 3 ම ජයගනිමින් මේ වන විට ලකුණු 6 ක් ලබා සිටිති.
පළමු තරගයේදී ඕස්ට්‍රේලියානු ප්‍රවීණයන්ට එරෙහිව ලකුණු 38 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ප්‍රවීණයෝ, දෙවැනි සහ තෙවැනි තරගවලදී එංගලන්ත ප්‍රවීණයන්ට එරෙහිව කඩුලු 7 ක ජයක්ද, දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ට එරෙහිව ලකුණු 11 ක ජයක්ද ලැබූහ.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් සමත්ව ඇත්තේ තරග 2 ක් ජයගනිමිනි. ඉන්දීය ප්‍රවීණයන්ගේ සහ කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණ.
ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම මේ වන විට ලකුණු 3 බැගින් ලබා පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති. තරගාවලියේ මූලික වටයේ තවත් තරග 9 ක් ඉතිරිව තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.