ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල රක්‍ෂණ සහකරු ලෙස අනුග‍්‍රහය දැක්වීමට ‘ඒ.අයි.ඒ. රක්‍ෂණ සමාගම ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ නිල රක්‍ෂණ සහකරුවකුගේ සහයෝගය ලැබුණු පළමු අවස්ථාව මෙය වේ.
මෙම අනුග‍්‍රහය නිල වශයෙන් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන මූලස්ථානයේදී ‘ඒ.අයි.ඒ. රක්‍ෂණ ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ෂා රූෆ් සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුවන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අනුග‍්‍රහයත් සමඟ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සියලූම දේපළවලට සහ එහි සේවයන්ට ‘ඒ.අයි.ඒ. රක්‍ෂණ ආවරණය හිමිවේ.
‘ඒ.අයි.ඒ. රක්‍ෂණ සමාගම වසර තුනක කාලයක් සදහා එළඹි මෙම අනුග‍්‍රහය මත ඉදිරි වසර තුනක කාලයේදී අන්තර් සමාජ පළමු පෙළ සහ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ නිල අනුග‍්‍රහකයා බවට ද පත්විය.
අනුග‍්‍රහය පිරිනැමීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ මේ දක්වා ක‍්‍රිකට් කණ්ඩායම් සහ සම්පත් රක්‍ෂණය කළ ද නිල රක්‍ෂණ සහකරුවකුගේ සේවය ලැබුණු පළමු අවස්ථාව මෙය බවයි.
‘ඒ.අයි.ඒ. රක්‍ෂණ ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ෂා රූෆ් මහතා විසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට අනුග‍්‍රහක චෙක්පත නිල වශයෙන් ප‍්‍රදානය කරන ලද අවස්ථාව.
ඡායාරූපය: ප‍්‍රදීප් දිල්රුක්‍ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.