Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (2 වැනිදා) පැවැති තරගයකදී එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යයට අනුව ලකුණු 11 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
සිවුවැනි ඕවරය අවසානයේ අකුණු සහගත තත්ත්වය හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. යළි තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඕවර 11 ක් අවසානයේ ලකුණු 66 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වුවත් ඔවුන්ට එහිදී කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ 54 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවාගනිමින් එක්සත් අරාබි එමීර් පිතිකාරීණියන් පීඩනයට පත් කළහ. එහිදී ඔවුන් දෙදෙනාම කඩුලු දුවද්දී දවාගැනීම් දෙකකටද දායකත්වය සපයමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයෙන් ගළවාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 109 ක් ලබාගත්හ. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ආරම්භක පිතිකාරිණී හර්ෂිතා මාධවී පන්දු 40 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක් රැස්කළාය.
වෛෂ්නවී මහේෂ් සහ මහිකා ගෞර් කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකාරිණියන් අසරණ කළ අතර ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් සමයිරා ධර්ණිධර්කා කඩුලු 2 ක් බිඳහෙළුවාය.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 109
(හර්ෂිතා මාධවී 37, නිලක්ෂි ද සිල්වා 19, අනුෂ්කා සංජීවනී 17, වෛෂ්නවී මහේෂ් 15/3, මහිකා ගෞර් 21/3, සමයිරා ධර්ණිධර්කා 18/2)
එක්සත් අරාබි එමීර් කාන්තා පිල - ඕවර 11 කදී කඩුලු 7 ක් දැවී 54
(තීර්තා සතිෂ් 19, ඉනෝකා රණවීර 07/2, කවීෂා දිල්හාරි 07/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.