Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ සංචාරයක?

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ සංචාරයක?

editorial - 2021 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරාධනයක් ලැබුණහොත් තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්තෙන් පසුවන බව වාර්තා වේ.

නවසීලන්ත කණ්ඩායම සිය පාකිස්තාන සංචාරය අවලංගු කිරීමත් සමග කෙටි තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට ගෙන්වා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සාහයක නිරත වී තිබිණ. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය බහුලත්වයත් සමග ඔවුන්ට දෙරට අතර තරගාවලියක් සැලසුම් කිරීමට නොහැකි වී ඇත.

“පාකිස්තානය අපිට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දෙනවා නම් කණ්ඩායම් දෙකටම නිදහසක් තිබෙන අවස්ථාවක පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා කණ්ඩායමක් යැවීමට අපි කැමතියි. 2019 වසරෙදි අපේ කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කරපු වෙලාවෙදිත් ඔවුන් අපිට හොඳ ආරක්ෂාවක් ලබා දුන්නා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

“එදා ඉදන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර හොඳ මිත්‍රත්වයක් තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම ඔවුන්ගේ සංචාරය අවලංගු කර දැමීම සම්බන්ධයෙන් අපි මහත් කණගාටුවට පත්වෙනවා. 2019 වසරෙදි ඔහු අපිට ඇදහිය නොහැකි තරම් ආරක්ෂාවක් දුන්නා. නවතම ආරක්ෂක පද්ධතියක් ඔවුන් සතුව තිබෙනවා.” යැයිද එම නිලධාරියා සඳහන් කළේය.

“2019 තරග සංචාරයට පෙර පාකිස්තානයට ගොස් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කරන්න ඔවුන් අපිට අවස්ථාව ලබාදුන්නා. ඔවුන්ගේ ආරක්ෂක කැමරා පද්ධතියට හසු නොවී පුද්ගලයෙකුට චලනය වීමට පවා නොහැකියි. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව අපිට පූර්ණ විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා ඉදිරියෙදි ඔවුන්ගෙන් ආරාධනයක් ලැබුණොත් අපි ඒ ගැන වැඩි අවධානයක් යොමු කරනවා.” යැයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.


-036


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ සංචාරයක?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.