Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා කනිෂ්ඨ නායකයා දුනිත්

ශ්‍රී ලංකා කනිෂ්ඨ නායකයා දුනිත්

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන “තුන්කු ජෆාර් කුසලාන” වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශාන්ත ජෝසප් විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හට හිමිවී ඇත.


15 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය අප්‍රේල් 23 වැනිදා සිට 28 වැනිදා දක්වා මැලේසියාවේ බයුමාස් ඕවල් සහ කෙලාබ් අමාන් ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර වත්මන් ශූරයින් වන ශ්‍රී ලංකාව 13 වතාවක් මෙහි ශූරතාවයට හිමිකම් කියා තිබේ.


ශ්‍රී ලංකාවට අමතරව දකුණු අප්‍රිකාව, මැලේසියාව සහ බංග්ලාදේශය මෙම තරගාවලියට සහභාගීවනු ඇත.

 

වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා සංචිතය:

දුනිත් වෙල්ලාලගේ (නායක - ශා.ජෝසප් විදුහල), අභිෂේක් ලියනාරච්චි (ඩී.එස්.සේනානායක විදුහල), ලහිරු චේතන (ශා.පීතර විදුහල), අසිත වන්නිනායක (කටුගස්තොට ශා.අන්තෝනි විදුහල), කණික දයාරත්න (රාජකීය විදුහල), ශක්ති උදාර (හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය), ටෙහාන් පෙරේරා (ආනන්ද විදුහල), මිතිර තේනුර (කළුතර තිස්ස විද්‍යාලය), තරිඳු ගිමන්ත (වේල්ස් කුමර විදුහල), මිනෙත් ප්‍රේමරත්න (ආනන්ද විදුහල), රන්දුල දසුන් දුලක්ෂිත (පානදුර මහානාම විදුහල), රනුද මෙත්සන් සෝමරත්න (ත්‍රිත්ව විදුහල), රන්දුණු එදිරිසිංහ (රත්නපුර කුමර විදුහල), නිමාන් උමේෂ් (කොට්ටාව ධර්මපාල විදුහල)

නිලධාරීන්:
සුසන්ත මෙන්ඩිස් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරි), පූජිත තිවිතොට (කළමනාකරු), නාලක රත්නවීර (පුහුණුකරු), වසන්ත කාරියවසම් (කණ්ඩායම් සහයක)

තරග කාලසටහන

අප්‍රේල් 23
මැලේසියාව හා බංග්ලාදේශය - බයුමාස් ඕවල්
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව  - කෙලාබ් අමාන්

අප්‍රේල් 24
මැලේසියාව හා දකුණු අප්‍රිකාව  - බයුමාස් ඕවල්
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය  - කෙලාබ් අමාන්

අප්‍රේල් 25
මැලේසියාව හා ශ්‍රී ලංකාව - බයුමාස් ඕවල්
දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය  - කෙලාබ් අමාන්

අප්‍රේල් 27
පළමු අර්ධ අවසන් පූර්ව තරගය - බයුමාස් ඕවල්
දෙවන අර්ධ අවසන් පූර්ව තරගය  - කෙලාබ් අමාන්

අප්‍රේල් 28
අවසන් මහා තරගය - බයුමාස් ඕවල්

 


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ නායකයා දුනිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.