ශී‍්‍ර ලංකා පිලට ලකුණු 5 ක් තියුණු ජයක්
මාලිංග නැවතත් විශිෂ්ට පන්දු යැවීමක...
අවසන් ඔ්වරයේදී ල කඩුලු 2 ක් දවාගන්නා අතරේ කුණු 12 ක් ආරක්‍ෂා කරගනිමින්, ශී‍්‍ර ලංකා පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යයි.
.......................................................................................................................................
සේනානායකගෙන් තවත් අනගි පන්දු රැුකීමක්....රවීන්ද‍්‍ර ජදේජා දැවී යයි. ඉන්දියාව අසීරු ගමනක...
.......................................................................................................................................
සංගක්කාරගෙන් තවත් විශිෂ්ට උඩ පන්දු රැුකීමක්.....
තර්ජනාත්මක ආකාරයෙන් පන්දුවට පහර දෙමින් සිටි යුවරාජ් සිං ලකුණු 33 කට දැවී යයි.
ඉන්දියාව ජයග‍්‍රහණය ෂඳහා පන්දු 28 කින් ලකුණු 43 ක් සොයා යයි..
.......................................................................................................................................
මාලිංග විසින් විරාට් කෝලි දවාගනී...පිට ඉන්නට බොහෝ ඈතින් ගිය පන්දුය පසුපස එළවා ගොස් පහර දීමටගිය කෝලි පන්දුව කඩුල්ල තුළට ඇද ගැනීමෙන් දැවී යයි
.......................................................................................................................................
අවසන් ඔ්වර 10 න් ලකුණු 94 ක් අවශ්‍යව තිබියදී යුවරාජ් සිං සහ විරාට් කෝලි ප‍්‍රහාරය අරඹති.
12 වැනි ඕවරයේදී ලකුණු 15 ක් එයි
.......................................................................................................................................
අජින්ක්‍යා රහනේත් ලකුණු නොලබා දැවී යයි. විරාට් කෝලි අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට එයි.
.......................................................................................................................................
අජන්ත මෙන්ඩිස් විසින් යුවරාජ් දවාගනී.
ජයග‍්‍රහණය සඳහා ඉන්දියාව පන්දු 66 කින් ලකුණු 99 ක් ලබාගත යුතුය.
.......................................................................................................................................
අජන්ත මෙන්ඩිස් පන්දු යැවීමට එයි. යුවරාජ් ලකුණු සොයමින් සිටින නමුත් සුරේෂ් රයිනා හොඳින් පන්දුවට පහර දෙයි.
.......................................................................................................................................
තණතීරුව තවත් මන්දගාමී වෙයි...යුවරාජ් සිං ලකුණු සොයයි...
පින්න වැටීමෙන් කී‍්‍රඩාංගණයත් ලිස්සන සුළුය.
.......................................................................................................................................
ඩිල්ෂාන් පිටියේ නැත.මෙන්ඩිස්, සේනානායක, රංගන හේරත් සියලු දෙනාම පිටියේ...
.......................................................................................................................................
පිටියේ මන්දගාමී තත්ත්වයට ඉන්දීය පිතිකරුවෝත් මුහුණ දෙති....තිසර පෙරේරාගේ අමුතුම ආකාරයේ පන්දු රැුකීමකින් ධවාන් ලකුණු 2 කට දැවී යයි....
.......................................................................................................................................
මෙය පුහුණු තරගයකි. කණ්ඩායමේ කී‍්‍රඩකයන් 15 දෙනාටම පිටියට පිවිසිය හැකි නමුත් පන්දුවට පහර දිය හැක්කේ 11 දෙනකුට පමණි...පන්දු රැුකීමේදී පිටියේ සිටිය හැක්කේත් 11 දෙනකුට පමණි.
පන්දුවට පහර නොදුන් නමුත් පන්දු යැවිය හැකිය...
.......................................................................................................................................
මැතිව්ස්ගෙන් ධවාන්ට බවුන්සර් පන්දුවක්....විනිසුරුගෙන් අවවාදයක්...
.......................................................................................................................................
රෝහිත් ෂර්මා සහ ෂිකාර් ධවාන් ඉනිම අරඹති....මැතිව්ස් පන්දුව අතට ගනී..
.......................................................................................................................................
නුවන් කුලසේකර සහ තිසර පෙරේරා එක්ව අවසන් පන්දු 18 දී ලකුණු 34 ක් උදුරා ගනිමින් ශී‍්‍ර ලංකා පිල සටනක් දිය හැකි ලකුණු 153 ක් කරා ගෙන යති
.......................................................................................................................................
වරූන් ඒරන්ගෙන් දිගින් දිගටම නිපන්දු වැලක්.. කුලසේකර අත දිගහරී...දැවැන්ත පහරකින් ඒරන් හමුවේ ලකුණු 6 ක්
.......................................................................................................................................
මන්දගාමී තණතීරුවක ශී‍්‍ර ලංකා පිතිකරුවෝ අසීරුතාවට පත්වෙති..
.......................................................................................................................................
ලකුණු 12 කට කඩුලු 3 ක් අද වැටීමෙන් ශී‍්‍ර ලංකා පිල තරමක් පසුබසී...
.......................................................................................................................................
ඩිල්ෂාන් පන්දු 20 කින් ලකුණු 9 ක් ලබා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යයි
....................................................................................................................................................................................
මහේල පිටියේ පරතරයන් සොයාගනී...ඩිල්ෂාන් අසීරුවෙන් යයි.
....................................................................................................................................................................................
ඩිල්ෂාන්ට පන්දු 11 කදී ලකුණු 2 යි
....................................................................................................................................................................................
මහේලට වාසනාව අතවනයි. කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ පහරක්
....................................................................................................................................................................................
තණතීරුව මන්දගාමී හැඩයි
....................................................................................................................................................................................
ඩිල්ෂාන්ට පුල් පහරක් මගහැරීයයි
....................................................................................................................................................................................
එක්ස්ට‍්‍රා කවර් හි පන්දු රකිමින් සිටි මෙහොමඞ් සාමිගෙන් විශිෂ්ඨ උඩ පන්දු රැකීමක්, කුසල් දැවීයයි
....................................................................................................................................................................................
ඩිල්ෂාන් ලකූණු අතරට ඒමට උත්සහයක
....................................................................................................................................................................................
කුසල් දිගටම ලකුණු සොයා යයි. ඩිල්ෂාන් අපහසුවකින් තොරව කඩුලූ අතර දිවයයි
....................................................................................................................................................................................
කුසල්ගෙන් ස්කුවෙයාර් කට් පහරක්, පන්දුව විදුලි වේගයෙන් හතරේ සීමාවට
....................................................................................................................................................................................
කඩුල්ල මුවා කිරීමේ ආසන්න අවස්ථාවකින් කුසල් යන්තමින් ගැලවේ. කඩුලට ඉහළින් යන පන්දුවක්
....................................................................................................................................................................................
දෙවැනි පන්දුවට ඩිල්ෂාන්ගෙන් ලකුණක්
....................................................................................................................................................................................
බුවෙන්ෂ් කුමාර්ගේ පළමු පන්දුවට කුසල්ගෙන් ලකුණක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.