Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සවුද් ශකීල්ගේ සටන්කාමී පිතිහරඹය කේන්ද්‍රය කරගනිමින් එක්රැස්වූ පාකිස්තානු පිතිකරුවෝ නවසීලන්තයට කදිම සටනක් දෙමින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 407 ක් ලබාගත්හ. තරගයේ දින තුනක් නිමා වුවද, තවමත් පාකිස්තානු පළමු ඉනිම නිමාවී නැත.
තරගයේ තුන්වැනි දිනය වූ අද (04 වැනිදා) තේ පානයෙන් පසුව ලකුණු 70 ක් ඇතුළත කඩුලු 4 ක් දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් වමත් පිතිකරු සවුද් ශකීල් නොසැලී තම කඩුල්ල ආරක්‍ෂාකරගෙන සිටියේය. දිනය අවසන් වන විට පාකිස්තානුවෝ නවසීලන්තයට වඩා ලකුණු 42 ක් පසුපසින් සිටියහ.
එක් අවස්ථාවකදී පාකිස්තානු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 385 ක් ලෙසින් දිස්වූ නමුත් පන්දු 27 ක් ඇතුළතදී ලකුණු 12 කට කඩුලු 4 ක් බිඳ වැටිණ. එයින් පසු ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 9 ට 397 ක් ලෙසිනි. පන්දු 336 කට මුහුණ දෙමින් ඒවායින් 17 ක් හතරේ සීමාවට යැවූ සවුද් ශකීල් ශතකය ලබාගත් විගසම පහසු උඩපන්දුවක් දුන් නමුත් ටොම් ලේතම් වෙතින් එය ගිළිහී ගියේය.
නවසීලන්තය - පළමු ඉනිම 449 යි
(ටොම් ලෙතම් 71, ඩෙවොන් කොන්වේ 122, කේන් විලියම්සන් 36, හෙන්රි නිකොල්ස් 26, ටොම් බ්ලන්ඩ්ල් 51, ඉෂ් සෝධි 11, ටිම් සවුති 10, මැතිව් හෙන්රි නොදැවී 68, අජාස් පතෙල් 35, නසීම් ෂා 71/3, අබ්රාර් අහමඩ් 149/4, අඝා සල්මාන් 75/3)
පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 9 ට 407 යි
(අබ්දුල්ලා ශෆීක් 19, ඉමාම් උල් හක් 83, ශාන් මසූඩ් 20, බාබර් අසාම් 24, සවුද් ශකීල් නොදැවී 124, අර්ෆ්‍රාස් අහමඩ් 78, අඝා සල්මාන් 41, අජාස් පතෙල් 88/3, ඉෂ් සෝධි 94/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.