Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝනර් - ස්ටොයිනිස් 100 මඟහරී

වෝනර් - ස්ටොයිනිස් 100 මඟහරී

editorial - 2021 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෛව ආරක්‍ෂිත බුබුළු තුළ වැඩි කාලයක් රැදී සිටීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් සහ තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් පන්දු සියයේ හෙවත් ‘ද හන්ඩ්‍රඩ්’ ආරම්භක තරගාවලියෙන් ඉවත්වී ඇති බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලි සඳහා මෙම ක්‍රීඩකයන් දෙදෙනාම නම් කර ඇති අතර ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලිය පැවැත්වෙන ජූලි-අගෝස්තු මාසයන්හිදීම මෙම සංචාරද යෙදී තිබේ.

“වෝනර් සහ ස්ටොයිනිස් වැනි ක්‍රීඩකයින් අහිමි වීම පැහැදිලිවම කනගාටුවට කරුණක්. නමුත් යථාර්තය නම් කොරෝනා හේතුවෙන් සමහර විදේශීය ක්‍රීඩකයින්ට ජය ගැනීමට අපහසු ප්‍රායෝගික හේතු පවතිනවා. සදර්න් බ්‍රේව් කණ්ඩායම විසින් ඔවුන් වෙනුවට වෙනත් විදේශීය ක්‍රීඩකයින් ආදේශ කරනු ඇත. මෙම ග්‍රීෂ්ම ඍතුවේදී ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය ඊයේ (10 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලබන මස ආරම්භවීමට නියමිත තරගාවලිය සඳහා වෝනර් සහ ස්ටොයිනිස් සදර්න් බ්‍රේව් කණ්ඩායම සමගින් පිළිවෙලින් පවුම් 100,000 ක් සහ පවුම් 80,000 ක් වටිනා ගිවිසුම් අත්සන් කර තිබුණි.

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය මෙම තරගාවලිය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර එමගින් තරුණ ප්‍රේක්ෂකයින් ක්‍රීඩාවට ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරයි. තරගයේ ඉනිමක් පන්දු 100 කින් සමන්විත වන අතර අවසන් පන්දු 10 දී තරගය වෙනස් මුහුණුවරක් ගනු ඇත.


- 2079

 


අදහස් (0)

වෝනර් - ස්ටොයිනිස් 100 මඟහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.