Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වොට්ලින් - ග්‍රෑන්ඩ්හෝම් නවසීලන්තය ඔසවා තබති

වොට්ලින් - ග්‍රෑන්ඩ්හෝම් නවසීලන්තය ඔසවා තබති

editorial - 2019 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (23 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙන්වෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 394 ක් ලබා එංගලන්තයට වඩා ලකුණු 41 ක් ඉදිරියෙන් සිටියේය.

තෙවැනි දිනය නිමාවන විට බී.ජේ. වොට්ලින් හතරේ පහර 15 ක් සමගින් ලකුණු 119 ක්ද, මිචෙල් සෑන්ට්නර් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 31 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව නවසීලන්ත ඉනිමේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 78 කි.

දෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 144 ක් ලබා සිට නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 250 ක් එක්කර ගත්හ. එංගලන්ත පන්දු යවන්නන්ට අද දිනයේදී දවාගත හැකි වූයේ කඩුලු 2 ක් පමණි.

හෙන්රි නිකෝල්ස් (41) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වොට්ලින්, ඉන් නොනැවතී කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (65) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ජෝ රූට්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට නිකෝල්ස්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබූ අතර හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් අර්ධ ශතකය සම්පූර්ණ කළ ග්‍රෑන්ඞ්හෝම් දැවී ගියේ බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ ඩොමිනික් සිබ්ලි අතට උඩ පන්දුවක් දෙමිනි.


එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 353
(රොරී බර්න්ස් 52, ඩොමිනික් සිබ්ලි 22, ජෝ ඩෙන්ලි 74, බෙන් ස්ටෝක්ස් 91, ඔලී පොප් 29, ජොස් බට්ලර් 43, ටිම් සවුති 88/4, නීල් වැග්නර් 90/3, කොලින් ඩි’ග්‍රෑන්ඩෝම් 41/2)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 394
(ජීත් රාවල් 19, කේන් විලියම්සන් 51, රොස් ටේලර් 25, හෙන්රි නිකොල්ස් 41, බී.ජේ. වොට්ලින් නොදැවී 119, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 65, මිචෙල් සෑන්ට්නර් නොදැවී 31, බෙන් ස්ටෝක්ස් 37/2, සෑම් කරන් 74/2)

 


-036

 


අදහස් (0)

වොට්ලින් - ග්‍රෑන්ඩ්හෝම් නවසීලන්තය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.