Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වොට්ලිංගෙන් ද්විත්ව ශතකයක්

වොට්ලිංගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2019 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බී.ජේ.වොට්ලිං ද්විත්ව ශතකයත් (205), මිචෙල් සැන්ටර්ගේ ශතකයත් (126) හමුවේ එංගලන්තයට එරෙහිව බේ ඕවල්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (24 වැනිදා) කඩුලු 9 කට ලකුණු 615 ක් රැස්කරමින් සිය පළමු ඉනිම අත්හිටුවීමට නවසීලන්තය තීරණය කළේය. ඒ වනවිට එංගලන්තය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 262 ක් ඉදිරියෙන් සිටීමට නවසීලන්තයට හැකිවිය.

සිය මංගල ද්විත්ව ශතකය මෙන්ම සිය ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ බී.ජේ.වොට්ලිං නවසීන්ත ඉනිම ගොඩනගමින් ලකුණු පුවරුව 600 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. පන්දු 473 කට මුහුණදුන් වොට්ලිං පැය 11 කට ආසන්න කාළයක් කඩුල්ලේ රැඳී සිටිමින් හයේ පහරක් සහ හතරේ පහර 24 ක් සමගින් ලකුණු 205 ක් ලබාගත්තේය.

වොට්ලිංට අනගි සහයක් ලබාදෙමින් නවසීලන්ත ඉනිම ගොඩනැගීමට දායකත්වය දුන් මිචෙල් සැන්ටර් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත්විය. පන්දු 269 කට මුහුණදෙමින් පැය 6 කට ආසන්න කාළයක් කඩුල්ලේ රැඳීසිටි සැන්ටර් හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 126 ක් ලබාගත්තේය.

ලකුණු 127 කට පිතිකරුවන් 4 ක් දැවී ගියද හෙන්රි නිකොල්ස් සමගින් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ බී.ජේ.වොට්ලිං 6 වැනි කඩුල්ලට කොලින් ඩි‘ග්‍රෑන්ඩෝම් සමගින් එක්ව ලකුණු 119 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. ඉන් නොනැවතුණු වොට්ලිං 7 වැනි කඩුල්ල සඳහා මිචෙල් සැන්ටර් සමගින් එක්ව ලකුණු 261 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

සෑම් කරන් කඩුලු 3 ක් ද බෙන් ස්ටෝක්ස් සහ ජැක් ලීච් කඩුලු 2 බැගින්ද දවාගැනීමට සමත්වූහ.
අද දිනට තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 55 කට අහිමිව තිබුණි. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 207 ක් අවශ්‍යව ඇත.

ජෝ ඩෙන්ල් ලකුණු 7 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැ`සී සිටින අතර මුරකරු පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජැකි ලීච් ලකුණු නොළඹා දැවීයාමත් සමගින් අද දිනට තරගය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

දැවීගිය කඩුලු 3 ට හිමිකම් කීමට පිත්නේ මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මිචෙල් සැන්ටර් සමත්විය.
හෙට (25 වැනිදා) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.


එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 353
(රොරී බර්න්ස් 52, ඩොම් සිබ්ලි 22, ජෝ ඩෙන්ලි 74, බෙන් ස්ටෝක්ස් 91, ඔලී පොප් 29, ජොස් බට්ලර් 43, ටිම් සෝතී 88/4, නීල් වෝනර් 90/3, කොලින් ඩි‘ග්‍රෑන්ඩෝම් 41/2)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 615
(කේන් විලියම්සන් 51, රොස් ටේලර් 25, හෙන්රි නිකල්ස් 41, බී.ජේ.වොට්ලිංග් 205, කොලින් ඩි‘ග්‍රෑන්ඩෝම් 65, මිචෙල් සැන්ටර් 126, සෑම් කරන් 119/3, බෙන් ස්ටෝක්ස් 74/2, ජැක් ලීච් 153/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 55/3
(රොරී බර්න්ස් 31, මිචෙල් සැන්ටර් 06/3)

...


අදහස් (0)

වොට්ලිංගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.