Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව වේල්ස් කුමර විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 63 ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.
වේල්ස් කුමර විදුහල් කණ්ඩායමේ නායක විශ්ව චතුරංග පන්දු 125 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 16 ක් සමගින් ලකුණු 146 ක් රැස්කළ අතර සවිඳු පීරිස් ලකුණු 88 කට කඩුලූ 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 59 කදී කඩුලූ 8 ක් දැවී 367
(විශ්ව චතුරංග 146, තිලාන් නිමේෂ් 61, ඩිලංක මධුරංග 48, පි‍්‍රන්ස් ප‍්‍රනාන්දු 40, අෂේන් කණ්ඩම්බි 33/2, රෙෂාන් කාවින්ද 40/2, කෙවින් කොත්තිගොඩ 89/2)
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 81.2 කදී සියලූ දෙනා දැවී 189
(අෂේන් කණ්ඩම්බි 45, ප‍්‍රමිත් හංසික 43, සංජුල ෂෙහාන් 27, සවිඳු පීරිස් 41/5, තිලාන් නිමේෂ් 32/2, කෞමාල් නානායක්කාර 64/2)
මහින්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 115
(ප‍්‍රමිත් හංසික 46, රවිඳු හංසික 27, සවිඳු පීරිස් 47/4, කෞමාල් නානායක්කාර 28/3, තිලාන් නිමේෂ් 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.