Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමරුවන්ට කඩුලූ 5 ක ජයක්

වේල්ස් කුමරුවන්ට කඩුලූ 5 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස් 19 න් පහළ සිංගර් කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය.


වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහලට එරෙහිව ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (04 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගනිමින් මොරටුව වේල්ස් කුමර විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.


ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය මොරටුව වේල්ස් කුමර විදුහල  ඕවර 17.4 දී කඩුලූ 5 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.


කොළඹ ශාන්ත පීතර විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර දෙවන අවසන් පූර්ව තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි.


ශා. ජෝසප් වාස් -  ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී 102
(ඩිල්ෂාන් නයානන්ද 37, සදරුවන් ප‍්‍රනාන්දු 15, සදුන් සොයිසා 16/3, සවිදු පීරීස් 22/3)


වේල්ස් කුමර විදුහල -  ඕවර 17.4 කදී කඩුලූ 5 ක් දැවී 103
(කසුන් ඒකනායක 21, සදුන් සොයිසා 20, කවිදු ප‍්‍රනාන්දු නොදැවී 37, ප‍්‍රවීන් දිලන්ක 19/3, තුලංජන ප‍්‍රනාන්දු 25/2)

 


අදහස් (0)

වේල්ස් කුමරුවන්ට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.