Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල සමත් විය.
එහිදී වේල්ස් කුමර විදුහලේ තනුජ කවිෂාන් නොදැවී ලකුණු 76 ක් රැස්කරමින් සහ ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
ධර්මරාජ විදුහල - පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 92
(තමිඳු ඉන්ද්‍රරත්න 46, විබවිත් ඇහැලේපොල 18, කූන්චන පෙරේරා 24/3, තනුජ කවිෂාන් 28/3, තිනුක ප්‍රනාන්දු 19/2)
වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම - ඕවර 18.1 කදී කඩුලු 4 ක් දැවී 177
(තනුජ කවිෂාන් නොදැවී 76, ඔමේෂ් මෙන්ඩිස් 47, චලිඳු විජේකෝන් 39/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.