Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමර - ශා. සෙබස්තියන් රන් සටන 13 -14

වේල්ස් කුමර - ශා. සෙබස්තියන් රන් සටන 13 -14

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර 65 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය මේ මස 13 සහ 14 දෙදින මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම මහ ක‍්‍රිකට් තරගයේ මේ දක්වා පවත්වා ඇති අතර 64 දී වේල්ස් කුමර විදුහල තරග 6 ක් ජය ලබා ඇති අතර ශාන්ත සෙබස්තියන් විදුහල තරග 3 ක් ජය ලබා තිබේ. ඉතිරි තරග විසදුමකින් තොරව අවසන් වී තිබේ.

වේල්ස් කුමර විදුහල අවසන් වරට 1977 වසරේ පෙම්ලාල් ප‍්‍රනාන්දුගේ නායකත්වය ජය ලබා ඇති අතර ශාන්ත සෙබස්තියන් විදුහල 2011 වසරේ සනිත ද මෙල්ගේ නායකත්වයෙන් අවසන් වරට ජය ලැබීය.

මෙවර වේල්ස් කුමර විදුහලේ නායකයා ලෙස ජයංග පීරිස් ද, ශාන්ත සෙබස්තියන් විදුහලේ නායකයා ලෙස විසල් සේනානායක ද, කටයුතු කරති.

වේල්ස් කුමර විදුහල මෙම තරග වාරයේ තරග 14 කට ක‍්‍රීඩා කරමින් පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව පූර්ණ ලැබූ අතර තරග දෙකක් පරාජයට පත්විය.

මෙවර ශාන්ත සෙබස්කතියන් විදුහලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය නියෝජනය කළ දග පන්දු යවන තිලාන් නිමේෂ් හැදින්විය හැකිය.

වේල්ස් කුමර විදුහලේ ප‍්‍රබලතම පිතිකරු වන තුන් ඉරියව් ක‍්‍රීඩක හසිත ලංකා ශතක දෙකක් සමගින් ලකුණු 830 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

විහග වීරක්කොඩි (476), නායක ජයංග පීරිස් (410) සහ සදුන් චාමික (400) මෙවර වේල්ස් කුමර විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

දග පන්දු යවන තිලාන් නිමේෂ් කඩුලූ 54 ක් දවා ගනිමින් මෙවර ද ශාන්ත සෙබස්කතියන් විදුහල් පිතිකරුවන් පාලනය කිරීමට සූදානමින් සිටිති. සවිනු පීරිස්, හසිත ලංකා සහ ජයංග පීරිස් මෙම තරග වාරයේ වේල්ස් කුමර විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටිති.

ශාන්ත සෙබස්තියන් විදුහල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී එකම පූර්ණ ජයක් හෝ ලැබීමට අපොහොසත් වී තිබේ.

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ප‍්‍රබල පිතිකරු අවිෂ්ක ප‍්‍රනාන්දු මෙවර මහ ක‍්‍රිකට් තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහලේ ප‍්‍රබලතම චරිතය බවට පත්ව තිබේ. අවිෂ්ක මෙම තරග වාරයේ ලකුණු 1000 ක් සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා බවට පත්වෙමින් මේ වන විට ශතක 5 ක් සමගින් ලකුණු 1086 ක් රැස්කිරීමට සමත්ව සිටියි.

උප නායක මුදිත ප‍්‍රනාන්දු (530) සහ නායක විසල් සේනානායක (486) මෙම තරග වාරයේ ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් දස්කම් දැක්වූ සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

වමතින් පා දග පන්දු යවන ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු කඩුලූ 53 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ ශාන්ත සෙබස්තියන් වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. ශෂික ප‍්‍රනාන්දු (36) සහ නිමේෂ් බණ්ඩාර (28) මෙම තරග වාරයේ කඩුලූ දවා ගැනීමට සමත්ව සිටිති.

දෙවිදුහල් අතර 30 වැනි වාර්ෂික එක්දින තරගය මේ මස 15 වැනිදා ද සොයිසා ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශාන්ත සෙබස්කතියන් විදුහල් කණ්ඩායම:


විසල් සේනානායක (නායක), මුදිත ප‍්‍රනාන්දු (උප නායක), ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු, අවිෂ්ක ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් ප‍්‍රනාන්දු, සචින් ප‍්‍රනාන්දු, ශෂික ප‍්‍රනාන්දු, විෂාන් ද මෙල්, ළහිරු හේෂාන්, නිමේෂ් බණ්ඩාර, සචින්ත ප‍්‍රනාන්දු, කුසල් ලක්තිළිණ, විරාජ් පෙරේරා, මිෂේන් සිල්වා, අෂීර් වර්ණකුලසූරිය සහ සදරුවන් ප‍්‍රනාන්දු

වේල්ස් කුමර විදුහල් කණ්ඩායම:


ජයංග පීරිස් (නායක), තිලාන් නිමේෂ් (උප නායක), විහග වීරක්කොඩි, හසිත ලංකා, අංජුල සහන්, ඩිලංක මධුරංග, කසුන් ප‍්‍රනාන්දු, කනිෂ්ක ආලෝක, අවිදු ප‍්‍රනාන්දු, සචින්ත දුල්ෂාන්, රමීෂ සොයිසා, කසුන් ඒකනායක, සවි`දු පීරිස්, හසිදු ශාමික, සදුන් සොයිසා සහ විෂ්ව චතුරංග


අදහස් (0)

වේල්ස් කුමර - ශා. සෙබස්තියන් රන් සටන 13 -14

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.