ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගමාලා අතරේ උපරිම තරගකාරිත්වයකින් හෙබි තරගාවලිය ලෙස සැලකෙන වෙළෙඳ සේවා, ‘ඒ’ කොටසේ කි‍්‍රකට් තරගාවලිය සෙනසුරාදා (19 වැනිදා) ආරම්භ වේ. මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 7 කි.
ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ප‍්‍රධානතම එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා පසුගිය වසරේ කණ්ඩායම් 20ක් සහභාගි වූ අතර එය ඉදිරි තරග වාරයේදී කණ්ඩායම් 14ක් දක්වා අඩුකර තිබේ. එහෙත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික පිටියට පිවිසි සියලූම ක‍්‍රීඩකයන්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලි සඳහා සහභාගිවන කණ්ඩායම් සංඛ්‍යාව ප‍්‍රමාණාත්මකව ඉහළ නමුත් ගුණාත්මක තත්ත්වය අතින් පහළ මට්ටමක තිබෙන බවයි.
එසේ වුවත් වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කොටසින් සහභාගි වන්නේ කණ්ඩායම් 7ක් පමණක් බැවින් දිවයිනේ සිටින දක්‍ෂතම කි‍්‍රකට් ක‍්‍රීඩකයන් මෙම කණ්ඩායම් 7 අතරේ පමණක් බෙදී යනු ඇත. ජාතික කණ්ඩායම නියෝජනය කරන්නෝද, හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ සේවා ස්ථානයේ කණ්ඩායම නියෝජනය කරති.
උපුල් තරංග (කොමර්ෂල් ණය සහ මූල්‍ය සේවා), චාමර සිල්වා (මාස් - යුනිචෙලා), දිල්හාර ලොකුහෙට්ටිගේ (සම්පත් බැංකුව), සජීව වීරකෝන් (හැටන් නැෂනල් බැංකුව), සමීර සොයිසා (මාස් ඇක්ටිව් ටේ‍්‍රඩිං), හර්ෂ විතාන (සෙලාන් බැංකුව) සහ ජානක ගුණරත්න (ජෝන් කීල්ස්) මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල නායකත්වය දරති.
ලීග් තරගාවලියේදී සියලූම කණ්ඩායම් එකිනෙකා සමගින් තරග කරන අතර උපරිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායමට ලීග් ශූරතාව පිරිනැමේ. ලීග් තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 21 කි. මේ මස 19 වැනිදා ආරම්භ වන ලීග් තරගාවලිය, නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වනු ඇත.
පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය නොවැම්බර් 16 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරගය නොවැම්බර් 30 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලීග් තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා, දක්‍ෂතම පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයා මෙන්ම තරගාවලියේ නැගී එන කි‍්‍රකට් ක‍්‍රීඩකයාද තෝරා ගැනේ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් තරගයේ වීරයාට විශේෂ ත්‍යාගයක් පිරිනැමේ.
තරගාවලියේ නැගී එන කි‍්‍රකට් ක‍්‍රීඩකයාට එංගලන්තයේ, ඕස්ටේ‍්‍රලියාවේ, නවසීලන්තයේ හෝ ඉන්දියාවේ ජාතික කි‍්‍රකට් විද්‍යායතනයක කි‍්‍රකට් පාඨමාලාවක් හැදෑරීම සඳහා ගුවන් ගමන් ගාස්තු ඇතුළු සම්පූර්ණ වියහියදම් වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගමය විසින් දරණු ලබනු ඇත.
තරගාවලියේ වීරයාට සිංගර් සමාගම වෙතින් නවීනතම වර්ණ රූපවාහිනියක් තිළිණ කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.