“ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” අභියෝගතා කුසලාන සදහා පැවැත්වෙන වෙළඳ සේවා ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනිදා ආරම්භ කිරීමට වෙළද සේවා ක්‍රිකට් සංගමය කටයුතු යොදා ඇති අතර මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතව ඇත.
ලීග් තරගාවලියේ කණ්ඩායම් එකිනෙකා සමගින් තරග කරන අතර ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් හතර කඩයිම් තරග සදහා සුදුසුකම් ලබාගනු ඇත. එහිදි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු කඩයිම් තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී. ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම දෙක අතර පැවැත්වෙන දෙවැනි කඩයිම් තරගයෙන් ජයගන්නා කණ්ඩායම සහ පළමු කඩයිම් තරගයෙන් පරාජයට පත්වූ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගනී.
ලීග් තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 28 කි. මේ මස 26 වැනිදා ආරම්භ වන ලීග් තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
කඩයිම් තරගාවලිය ආරම්භ කරමින් පළමු සහ දෙවැනි කඩයිම් තරග ඔක්තෝබර් 20 වැනිදාත් තෙවැනි කඩයිම් තරගය ඔක්තෝබර් 27 වැනිදාත් පැවැත්වෙන අතර අවසන් මහ තරගය නොවැම්බර් 3 වැනිදාත් පැවැත්වෙයි. කඩයිම් තරග මොරටුව ද සොයිසා සහ බී.ආර්.සී ක්‍රීඩාංගණවලදීත් අවසන් මහ තරගය වෙළද සේවා ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
මෙම තරගාවලියේ සියලුම තරග වෙළද සේවා, බ්ලූම්ෆීල්ඞ්, බී.ආර්.සී, කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය, පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණය, කෝල්ට්ස්, පී.සරවණමුත්තු, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය සහ මග්ගොන සරේ යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වේ.
තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන වලට අමතරව “ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” සතියේ ක්‍රීඩකයා නමින් විශේෂ සම්මානයක් පිරිනැමීමට යුනිලිවර් සමාගම කටයුතු යොදා ඇත.
මෙම තරගාවලියට අදාල අනුග්‍රහකත්ව චෙක්පත වෙළඳ සේවා සංගමය වෙත පිරිනැමීම ඊයේ (19 වැනිදා) එම සංගම් පරිශ්‍රයේදි සිදුවූ අතර එම අවස්ථාවට සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ, උප සභාපති වසන්තලාල් ප්‍රනාන්දු, මහ ලේකම් නලීන් වික්‍රමසිංහ, තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති සුජීව ද සිල්වා, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් අලෙවි අධ්‍යක්‍ෂිකා (පර්සනල් කෙයා) නිලූෂී ජයතිලක සහ යුනිලීවර් ෆේස් කෙයා ජ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකරු දමින්ද පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
තරගාවලියට සහභාගීවන කණ්ඩායම්
ජෝන් කීල්ස් ‘බී’, යුනිලීවර් ශ්‍රී ලංකා, සී.ඩී.බී, හැටන් නැෂනල් බැංකු ‘ඒ’, කැන්රිච් ෆිනෑන්ස් ‘බී’, එක්ස්පෝ ලංකා ‘ඒ’, සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.