Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙළඳ සේවා විස්සයි20 ශූරතාව ජෝන් කීල්ස්ට

වෙළඳ සේවා විස්සයි20 ශූරතාව ජෝන් කීල්ස්ට

editorial - 2022 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

වෙළඳ සේවා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉෂාන් ජයරත්නගේ නායකත්වයෙන් යුත් ජෝන් කීල්ස් පිල සමත්විය. අවසන් මහ තරගයේදී පරාජයට පත්වූ මෝඩ් ඉංජිනියර්ස් පිලට ඒ අනුව අනුශූරතාවෙන් සෑහිමට පත්වීමට සිදුවිය.

වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී මෝඩ් ඉංජිනියර්ස් පිලට එරෙහිව ලකුණු 4 ක තියුණු ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය මෝඩ් ඉංජිනියර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි. අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා මෝඩ් ඉංජිනියර්ස් පිලට ලකුණු 12 ක් අවශ්‍ය වුවද පිතිකරුවන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 7 ක් පමණි.

නායක දුෂාන් හේමන්ත වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 20 කදී හයේ පහර 7 ක් සමගින් ලකුණු 54 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයන් හේතුවෙන් මෝඩ් ඉංජිනියර්ස් පිලෙන් ජයග්‍රහණය ගිලිහී ගියේය.

දක්ෂ පන්දු යැවීම නිරත වූ ජෝන් කීල්ස් පිලේ නායක ඉෂාන් ජයරත්න සිය ඕවර 4 ලකුණු 14 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. ඉෂාන් ජයරත්නට අනගි සහයක් ලබාදෙමින් මාලිංග අමරසිංහ සහ සචිත ජයතිලක කඩුලු 2 බැගින් දවාගනිමින් ජෝන් කීල්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.

කාසියේ වාසිය දිනූ මෝඩ් ඉංජිනියර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජෝන් කීල්ස් පිල ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 156 ක් රැස්කිරී සමත්විය.

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ සචිත ජයතිලක පන්දු 39 කදී හයේ පහර 7 ක් සමගින් ලකුණු 62 ක් ද, කවීන් බණ්ඩාර පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 42 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

අරුල් ප්‍රගාෂ්, ටී.වීදුෂන් සහ සඳකැන් පතිරණ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස හැටන් නැෂනල් බැංකු පිලේ මාධව වර්ණපුරත්, හොඳම පිතිකරු ලෙස සම්පත් බැංකු පිලේ සමීන් කඳණආරච්චිත් සම්මාන දිනා ගැනීමට සමත්වූහ. අවසන් තරගයේ වීරයා ලෙස ජෝන් කීල්ස් පිලේ සචින්ත ජයතිලක සම්මාන දිනාගත්තේය.


ජෝන් කීල්ස් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 156
(කවීන් බණ්ඩාර 42, සචිත ජයතිලක 62, අරුල් ප්‍රගාෂ් 26/2, ටී.වීදුෂන් 26/2, සඳකැන් පතිරණ 36/2)

මෝඩ් ඉංජිනියර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 152
(සසිඳු නානායක්කාර 28, දුෂාන් හේමන්ත 54, ඉෂාන් ජයරත්න 14/3, මාලිංග අමරසිංහ 25/2, සචිත ජයතිලක 25/2)

 


අදහස් (0)

වෙළඳ සේවා විස්සයි20 ශූරතාව ජෝන් කීල්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.