Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙස්ලි - ශාන්ත මරියා අවසන් මහ තරගය හෙට

වෙස්ලි - ශාන්ත මරියා අවසන් මහ තරගය හෙට

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොළඹ වෙස්ලි විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර පැවැත්වෙන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් II කොටසේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (8 වැනිදා) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.


‘සී’ කාණ්ඩයේ යටතේ මූලික වටයේදී තරග වැදුණ වෙස්ලි විදුහල, එම කාණ්ඩයේ ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී කටුනේරිය සෙබස්තියන් විදුහලද, අර්ධ අවසන් පූර්ව වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලද, අවසන් පූර්ව වටයේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලද පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.


‘ඞී’ කණ්ඩයේ යටතේ මූලික වටයේදී තරග වැදුණ ශාන්ත මරියා විදුහල, එහි තෙවැනි ස්ථානය දිනාගනිමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර ඔවුන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී යාපනය ශාන්ත ජෝන්  විදුහලද, අර්ධ අවසන් පූර්ව වටයේදී අම්බලන්ගොඩ දේවානන්ද විදුහලද, අවසන් පූර්ව වටයේදී කුරුණෑගල ශාන්ත ආනා විදුහලද පරාජය කරමිනි.


වෙස්ලි විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ඩෘ පාරිස් කටයුතු කරන අතර ශාන්ත මරියා විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස විරාජ් ගුණතිලක කටයුතු කරයි.


සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග‍්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය මෙම තරගාවලිය සංවිධානය කරයි.

 


ශාන්ත මරියා විදුහල් කණ්ඩායම -

විරාජ් ගුණතිලක (නායක), හංසක දිල්රුක්ෂ (උප නායක), ලසිත උඩගේ, අශාන් සේනාධීර, දමින්ද ගයාන්, මාස් රහීම්, දිලිප් එරංග, සංජීව ජයමාල්, තිමිර කුමාර, ගජිත කොටුවේගොඩ, සිනෙත් වීරසූරිය, නිර්මාන තෙන්නකෝන්, කවීන් පෙරේරා, සඳරු හසංග, දමින්ද ගයාන්, ළහිරු කුලසූරිය, සුභාෂිත ඒකනායක (පුහුණුකරු) සහ අයි. එන්. අයි. රූපතුංග (කී‍්‍රඩාව භාර අචාර්ය)

 


වෙස්ලි විදුහල් කණ්ඩායම -

ඇන්ඩෘ පාරිස් (නායක), සෙනිත් වික‍්‍රමනායක (උප නායක), තිසුලක අක්මීමණ, තිළිණ පෙරේරා, ශමෝද් ඇතුළත්මුදලි, ජේසන් ද සිල්වා, හේලිත බඹරින්ද, ශානුක මධුෂාන්, යොමේෂ් රණසිංහ, රුචික දංගල්ල, මොවින් සුභසිංහ, නිමේන්ද්‍ර කස්තුරිආරච්චි, චරිත් ද සිල්වා, හසික පෙරේරා, වසන්ත කස්තුරිආරච්චි (කී‍්‍රඩාව භාර අචාර්ය) සහ යූ. එස්. සී. පෙරේරා (පුහුණුකරු)

 


අදහස් (1)

වෙස්ලි - ශාන්ත මරියා අවසන් මහ තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.