Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'ඩී' කාණ්ඩය යටතේ ඊයේ (17 වැනිදා) පැවති මූලික වටයේ තරගයකදී නායක දුනිත් වෙල්ලාලගේගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 37 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ වෙල්ලාලගේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 71 කින් ලකුණු 52 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ලකුණු 49 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී අංජල බණ්ඩාර (33) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෙල්ලාලගේ, ඉන් නොනැවතී රනුද සෝමරත්න (නොදැවී 32) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණයට මග පැදුවේය.
පන්දු 47 කට මුහුණදුන් අංජලගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ රනුදගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ පන්දු 24 කින් ලකුණු 19 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. එහෙත් ඕස්ට්‍රේලියානු යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකුටම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙරාතුව පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 175 කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ.
ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක වෙල්ලාලගේ, මෙම තරගයේදී ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වෙමින් නිකුණු ඕවරයක් සමග ඕවර 10 ක් යවා ලකුණු 28 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.
ඕස්ටේලියානු යොවුන් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් දෙදෙනකු වේලාසනින්ම පිටියෙන් ඉවත් කළ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රෙවින් මැතිව් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණද කඩුලු 2 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා වෙල්ලාලගේට අනගි සහයක් දුන්නේය.
ඕස්ට්‍රේලියානු යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කැම්බල් කැලවේ
පන්දු 77 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. වෙල්ලාලගේගේ පළමු ගොදුර බවට පත්වෙමින් ආපසු ක්‍රීඩාගාරය බලා යන විට කැලවේ ලකුණු 54 ක් ලබා සිටියේය.
නිවේතන් රාධක්‍රිෂ්ණන් පන්දු 36 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, විලියම් සේල්ස්මන් පන්දු 50 කදී හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ඕස්ට්‍රේලියානු යොවුන් පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 175
(කැම්බල් කැලවේ 54, ඉසාක් හිගින්ස් 19, නිවේතන් රාධක්‍රිෂ්ණන් 21, ටොබියස් ස්නේල් 19, විලියම් සේල්ස්මන් 22, දුනිත් වෙල්ලාලගේ 28/5, ට්‍රෙවින් මැතිව් 32/2, මතීෂ පතිරණ 34/2)
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 37 කදී කඩුලු 6 ක් දැවී 177
(චමිඳු වික්‍රමසිංහ 19, දුනිත් වෙල්ලාලගේ 52, අංජල බණ්ඩාර 33, රනුද සෝමරත්න 32, ජොෂුවා ගානර් 21/2, ටොම් විට්නි 39/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.