Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙන්දේසියෙන් හැළුණු 7 ක් කොළඹට
එල්.පී.එල්. - 2021

වෙන්දේසියෙන් හැළුණු 7 ක් කොළඹට

editorial - 2021 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකන් පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී අලෙවි නොවූ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් 6 දෙනාම කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට එම කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල ධනංජය සහ අෂාන් පි‍්‍රයන්ජන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී සිටිති.

ඉකුත් වසරේදී (2020) පැවැති ලංකන් පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ නායකත්වය දැරූ මැතිව්ස් මෙවරත් එහි නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එවර තරගාවලියේදී සහභාගි වූ තරග 9 න් 6 කදීම කොළඹ කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවූ මැතිව්ස්, සිය කණ්ඩායම මූලික වටය අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණටද ගෙන ආවේය.

මැතිව්ස්ට අමතරව දිනේෂ් චන්දිමාල් සහ අෂාන් පි‍්‍රයන්ජන්ද ඉකුත් වසරේදී කොළඹ කණ්ඩායම නියෝජනය කළහ. ඉනිම් 8 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 246 ක් රැුස්කළ චන්දිමාල්, එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 8 වැනි ස්ථානයටද පත්විය.

ඔවුන් තිදෙනා හැරුණුකොට මෙවර තරගාවලියේදී කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින කුසල් පෙරේරා, ඉකුත් වසරේදී මහනුවර කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ධනංජය ද සිල්වා යාපනය කණ්ඩායමටත්, අකිල ධනංජය ගාල්ල කණ්ඩායමටත් කී‍්‍රඩා කළහ.

කී‍්‍රඩක වෙන්දේසියේදී අලෙවි නොවූ කී‍්‍රඩයකයන් 10 දෙනෙකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් එම කී‍්‍රඩකයන් කණ්ඩායම්වලට ඇතුළත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය කණ්ඩායම් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් කොළඹ කණ්ඩායම මෙම කී‍්‍රඩකයන් සිය කණ්ඩායමට ඇතුළත් කර ගෙන ඇත.

මෙම කී‍්‍රඩකයන්ට අමතරව එම ලැයිස්තුවේ සිටි යොවුන් වේග පන්දු යවන කී‍්‍රඩකයකු වන ශිරාන් ප‍්‍රනාන්දුද සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට කොළඹ කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන ඇත.

ඒ අනුව කි‍්‍රකට් ආයතනය ඉදිරිපත් කළ ලැයිස්තුවට ඇතුළත්ව සිටි කී‍්‍රඩකයන් 10 දෙනාගෙන් 7 දෙනෙකුම කොළඹ කණ්ඩායම විසින් මිලදීගනු ලැබ තිබේ.
10 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වූ සෙසු කී‍්‍රඩකයන් තිදෙනා අතරින් මිනෝද් භානුක මහනුවර කණ්ඩායමටත්, ප‍්‍රවීන් ජයවික‍්‍රම යාපනය කණ්ඩායමටත් ඇතුළත් කරගැනීමට එම කණ්ඩායම්වල හිමිකරුවෝ එකඟ වී සිටිති.

කෙසේ වුවත් 10 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි සධීර සමරවික‍්‍රමගේ සේවය ලබාගැනීමට කිසිදු කණ්ඩායමක් තවමත් ඉදිරිපත්වී නොමැත. සධීර සමරවික‍්‍රම යනු ද්‍රවිඩ සංගම් කී‍්‍රඩා සමාජයේ නායකයාය. අද (30 වැනිදා) පැවැති අන්තර් සමාජ සීමිත  ඕවර තරගාවලියේ අවසන් තරගයේදී ජයග‍්‍රහණය කළේද සධීර සමරවික‍්‍රම විසින් මෙහෙයවන ලද ද්‍රවඩ සංගම් කණ්ඩායමයි.

 


අදහස් (0)

වෙන්දේසියෙන් හැළුණු 7 ක් කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.