Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි20 ශූරතාව යුද හමුදාවට
අන්තර් සමාජ ක්‍රිකට්

විස්සයි20 ශූරතාව යුද හමුදාවට

editorial - 2022 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යුද හමුදා පිල සමත්විය. පී.සරා ඕවල්හිදී අද (17 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 45 ක ජයක් අත්කර ගැනීමට යුද හමුදා පිලට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය කෝල්ට්ස් පිලට ඕවර 18.3 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 94 ක් පමණි.

සංගීත් කුරේ පන්දු 38 කදි හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට යුද හමුදා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

එහිදී ඕවර 4 බැගින් යැවූ සීකුගේ ප්‍රසන්න ලකුණු 17 කට කඩුලු 3 ක් සහ ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගනිමින් යුද හමුදා පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා පිල ඕවර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 139 ක් රැස්කිරිමට සමත්විය.

සීකුගේ ප්‍රසන්න පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 29 ක් ද, අෂාන් රන්දික පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් සහ යශෝධ මෙන්ඩිස් පන්දු 16 කදී හයේ පහරක් සමගින් ලකුණු 21 ක් ලබාගැනීමට සමත්විය.

ධනංජය ලක්ෂාන් කඩුලු 3 බැගින්ද, මුදිත ලක්ෂාන් සහ චමෝද් බට්ටගේ කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කෝල්ට්ස් පිලේ සංගීත් කුරේ හොඳම පිතිකරුවා ලෙසත්, එම කණ්ඩායමේම අකිල ධනංජය හොඳම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනාගත්හ. යුදහමුදා පිලේ සීකුගේ ප්‍රසන්න අවසන් තරගයේ වීරයා ලෙසත් එම පිලේ අෂාන් රන්දික තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගැනීමට සමත්වූයේය.


යුද හමුදාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 139
(අෂාන් රන්දික 22, සීකුගේ ප්‍රසන්න 29, යශෝධ මෙන්ඩිස් 21, ධනංජය ලක්ෂාන් 25/3, මුදිත ලක්ෂාන් 18/2, චමෝද් බට්ටගේ 29/2)

කෝල්ට්ස් - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී 94
(සංගීත් කුරේ 38, සීකුගේ ප්‍රසන්න 17/3, ලක්ෂාන් එදිරිසිංහ 19/3)

 

දක්ෂතම පිතිකරු - සංගීත් කුරේ...

 

දක්ෂතම පන්දු යවන්නා - අකිල ධනංජය...

 

ශූරතාව - ශ්‍රී ලංකා යුද හමුදාව

 

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - සීකුගේ ප්‍රසන්න...

 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - අශාන් රන්දික...

 

අනුශූරතාව - කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ...


අදහස් (0)

විස්සයි20 ශූරතාව යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.