Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි සිට..)
පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරගයේදී විනය විරෝධී ලෙස හැසිරුණ පාකිස්තාන මැද පෙළ පිතිකරු අසීෆ් අලීට සහ ඇෆ්ඝනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෆරීඩ් අහමඩ්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 25% ක දඩ මුදලක් නියම කිරීමට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා පියවර ගෙන ඇත.
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නීති පද්ධතියේ පළමු කාණ්ඩයේ වරදක් කිරීම හේතුවෙන් අසීෆ්ට සහ ෆරීඩ්ට මෙම දඩ මුදල නියම කර ඇති අතර ඊට අමතරව ඔවුන් දෙදෙනාටම දඬුවම් ලකුණ බැගින් ලබාදීමටද එහිදී තරග තීරකවරයා කටයුතු කර තිබේ. කෙසේ වුවත් පසුගිය වසර 2 ක කාලය ඇතුළත ඔවුන් දෙදෙනා මෙවැනි වරදකට හසුවී නොමැති බැවින් ඔවුන්ට එරෙහිව තරග තහනමක් නොපැනවෙනු ඇත.
ඇෆ්ඝනිස්ථානය එරෙහිව ලකුණු 130 ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්ථාන කණ්ඩායමේ නමවැනි කඩුල්ල 19 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී බිඳවැටිණ. ලකුණු 16 ක් ලබා සිටි අසීෆ් අලී එහිදී ෆරීඩ් අහමඩ්‍ගේ පන්දුවක් හමුවේ ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි කරීම් ජානට් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. එම දවාගැනීම අවේගශීලි අයුරින් සැමරීමට ෆරීඩ් කටයුතු කිරීමත් සමග උරණ වූ අසීෆ්, ඔහු සමග බහින් බස්වීමක් ඇති කරගත්තේය.
එහිදී වරෙක ෆරීඩ්ව පසුපසට තල්ලු කළ අසීෆ්, තවත් වරෙක සිය පිත්ත ඔසවා ෆරීඩ්ට පහරදීමට සැරසුනේය. කෙසේ වුවත් එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අසලට දිව ආ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයන් සහ විනිසුරුවෝ ඔවුන් දෙදෙනා දෙපසකට කරමින් තත්ත්වය සමතයට පත් කළහ. එහෙත් එම සිදුවීම කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් මෙන්ම තරගය නරඹමින් සිටි ක්‍රීඩාලෝලීන්ද කුපිත කරවන සිදුවීමක් බවට පත්විය විය.
එහිදී අසීෆ් අතින් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සහායක පිරිස් සඳහා වූ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නීති පද්ධතියේ 2.6 වගන්තිය (ජාත්‍යන්තර තරගයක් අතරතුර අසභ්‍ය, අප්‍රසන්න හෝ කෙනෙකුට අපහාස වන අකාරයේ අභිනයන් භාවිතා කිරීම) කඩවී ඇති බවත්, ෆරීඩ් අතින් එහි 2.1.12 වගන්තිය (ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු, ක්‍රීඩක සහායකයෙකු, විනිසුරුවරයෙකු, තරග තීරකයෙකු හෝ ප්‍රේක්ෂකයෙකුද ඇතුළුව වෙනත් ඕනෑම පුද්ගලයෙකු සමඟ නුසුදුසු අයුරින් හැසිරීම) කඩවී ඇති බවත් අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.
කෙසේ වුවත් මෙම ක්‍රීඩකයන් දෙදෙනාම අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පැලැන්තියේ තරග තීරකවරයකු වන ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා හමුවේ තම තමන් අතින් සිදුවූ වැරදි පිළිගෙන ඇති බැවින් ඒ සඳහා වැඩි දුර පරීක්ෂණයක් නොපැවැත්වෙන බවද අන්තර් ජාතික ක්‍රිකට් සභාව කියා සිටියේය. පළමු කාණ්ඩයේ වරදක් වෙනුවෙන් තරග ගාස්තුවෙන් 50% ක් දක්වා දඩ නියම කිරීමටත්, දඬුවම් ලකුණු එක් හෝ දෙකක් ලබා දීමටත් තරග තීරකවරයාට බලය තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.