Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විදෙස් කී‍්‍රඩකයෝ රැසක් වැට උඩ
එල්.පී.එල්. - 2021

විදෙස් කී‍්‍රඩකයෝ රැසක් වැට උඩ

editorial - 2021 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙවර (2021) ලංකා පි‍්‍රමියර් ලීග් තරාගවලියට සහභාගි වන විදෙස් කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වය විවිධ හේතූන් මත තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කී‍්‍රඩා කරන තබ්‍රේස් ශම්ෂි (දකුණු අපි‍්‍රකාව), කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට කී‍්‍රඩා කරන කීමෝ පෝල් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට කී‍්‍රඩා කරන ඩොවොන් ස්මිත් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) සහ අස්මලූතුල්ලා ඔමර්සායිද (ඇෆ්ඝනිස්ථානය) ඒ අතර වෙති.

එල්.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් ඊයේ (2 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සෞඛ්‍ය කමිටු ප‍්‍රධානී මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා කියා සිටියේ තරගාවලියට සහභාගි වන සියලූම දෙස් විදෙස් කී‍්‍රඩකයන් අනිවාර්යෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ශ්‍රී ලංකාවේ අනුමත කොවිඞ්-19 ප‍්‍රති එන්නතක මාත‍්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු බවය.

තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණෙන විදෙස් කී‍්‍රඩකයන් මෙන්ම විදෙස්ගතව සිට පැමිණෙන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ද පැය 48 ක් ඇතුළත කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප‍්‍රතිඵල සමග දිවයිනට පැමිණිය යුතු බවත්, පැමිණීමෙන් පසුව තවත් පී.සී.ආර්. පරීක්ෂණයකට සහ රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකට මුහුණදිය යුතු බවත් මහාචාර්යවරයා එහිදී කියා සිටියේය.

ඔවුන් දිවයිනට පැමිණීමෙන් පසුව කරන පී.සී.ආර්. පරීක්ෂණ අනිවාර්යෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයෙන් කළ යුතු බවත්, ඉන් අනතුරුව දින 3 ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව කරන පී.සී.ආර්. පරික්ෂණයේ ප‍්‍රතිඵල සමග ඔවුන්ට ජෛව බුබුලට ඇතුළත් විය හැකි බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ සිටින කී‍්‍රඩකයන්ට පැය 48 ක් ඇතුළත කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප‍්‍රතිඵල සමග පමණක් එල්.පී.එල්. ජෛව බුබුලට ඇතුළත් වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසර හිමිව ඇති බව පැවසූ මහාචාර්යවරයා, මෙම සියලූම කී‍්‍රඩකයන් ජෛව බුබුල තුළදී දින 5 න් 5 ට යළිත් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කරන බවද සඳහන් කළේය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටින විදෙස් කී‍්‍රඩකයන්ගෙන් උස්මාන් ශින්වාරි (පාකිස්තානය) මේ වන විටත් දිවයිනට පැමිණ ඇති අතර ෆෆ් ඩුප්ලෙසි (දකුණු අපි‍්‍රකාව), රමනුල්ලා ගුර්බාස් (ඇෆ්ඝනිස්ථානය) සහ වහබ් රියාස් (පාකිස්තානය) යන කී‍්‍රඩකයන් අබුඩාබි දහයයි-10 තරගාවලිය නිමාවීමෙන් පසුව දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදව් දෙවැනි ටෙස්ට් තරගය නිමා වීමෙන් පසුව කොදෙව් කී‍්‍රඩක ජේඞ්න් සීල්ස් ජැෆ්නා කණ්ඩායම සමග එක්වන බවත්, පාකිස්තාන කී‍්‍රඩක ෂොයිබ් මලික් ලබන 6 වැනිදා දිවයිනට පැමිණෙන බවත් කණ්ඩායමේ අධ්‍යක්‍ෂ (අළෙවි සහ සන්නිවේදන) සාරංග විජේරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. ඒ අනුව මලික්ට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවන අහිමි වනු ඇත.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ විදෙස් කී‍්‍රඩකයන්ගෙන් ජොෂ් ලිට්ල් (අයර්ලන්තය), ප්ලිප් සෝල්ට් (එංගලන්තය), නජිබුල්ලා සද්රාන් (ඇෆ්ඝනිස්ථානය), ඉම්රාන් තාහිර් සහ මර්චන්ට් ඩි’ලැන්ග් (දකුණු අපි‍්‍රකාව) අබුඩාබි දහයයි-10 තරගාවලිය නිමාවීමෙන් පසුව දිවයිනට පැමිණීමට නියමිතය. කණ්ඩායමේ සෙසු විදෙස් කී‍්‍රඩකයා වන සොහේබ් මක්සූද් (පාකිස්තානය) අද (3 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිතව සිටි බව කණ්ඩායමේ නියෝජිතයෙක් පැවසීය.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි විදෙස් කී‍්‍රඩකයන් රැසක් අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත්ව ඇත. පිල්ප් සෝල්ට් (එංගලන්තය), කැමරන් ඩෙල්පොට් (දකුණු අපි‍්‍රකාව), අම්ජාඩ් ඛාන් (එක්සත් අරාබි අමීර්) මොහොමඞ් මිතුන්, නස්මුල් ඉමස්ලාම් සහ මෙහෙදි හසන් රානා (බංග්ලාදේශය) ඒ අතර වෙති.

ඔවුන් අතරින් පිල්ප් සෝල්ට්ගේ සේවය ලබාගැනීමට දඹුල්ල කණ්ඩායම පියවර ගෙන ඇත.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට කී‍්‍රඩා කරන විදෙස් කී‍්‍රඩකයන් අතරින් අල් අමීන් හොසේන් (බංග්ලාදේශය) මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බවත්, අහමඩ් ශේෂාඩ් සහ මොහොමඩ් ඉර්ෆාන් (පාකිස්තානය) ඊයේ දිවයිනට පැමිණීමට නියමිතව සිටි බවත් කණ්ඩායමේ කලමණාකරු විනෝදන් ජෝන් මහතා තහවුරු කළේය.

රෝමන් පවෙල් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) අබුඩාබි දහයයි-10 තරගාවලිය නිමාවීමෙන් පසුව දිවයිනට පැමිණීමට නියමිත නමුත්, ඩොවොන් ස්මිත් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), අස්මලූතුල්ලා ඔමර්සායි (ඇෆ්ඝනිස්ථානය) දිවයිනට පැමිණෙන දිනයක් තවමත් නිල වශයෙන් ප‍්‍රකාශ කර නොහැකි බවද විනොදන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි සර්ෆරාස් අහමඞ් (පාකිස්තානය) තරගාවලියෙන් ඉවත්වී ඇති අතර ඔහු වෙනුවට බෙන් ඩන්ක් ( ඕස්ටේ‍්‍රලියාව) කණ්ඩායමට ඇතුළත් කරගැනීමට කණ්ඩායමේ කමණාකාරීත්වය පියවර ගෙන ඇත. ඩන්ක් සමග අබුඩාබි දහයයි-10 තරගාවලියට සහභාගි වී සිටින සමීත් පටේල් (එංගලන්තය), මොහොමඞ් හෆීස්, මොහොමඞ් අමීර් සහ අන්වර් අලී (පාකිස්තානය) යන කී‍්‍රඩකයන්ද එම තරගාවලිය නිමා වීමෙන් පසුව ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතය. කෙසේ වුවත් ඔවුන්ගේ ප‍්‍රධානතම විදෙස් කී‍්‍රඩකයා බවට පත්ව සිටි තබ්‍රේස් ශම්ෂි (දකුණු අපි‍්‍රකාව) මෙවර එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත බව වාර්තා වේ.

අපි‍්‍රකානු මහද්වීපය තුළ පැතිර යමින් පවතින කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් ප‍්‍රබේධය හේතුවෙන් හටගෙන ඇති ගුවන් ගමන් ගැටලූ නිසා තමාට තරගාවලියට සහභාගි විය නොහැකි බව ශම්ෂි තරගාවලියේ සංවිධායකන්ට දැනුම්දී ඇතැයිද දැනගන්නට ලැබේ.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ විදෙස් කී‍්‍රඩකයන් 6 දෙනාගෙන් ඬේවිඞ් වීස් (නැමීබියාව), ටොම් බැන්ටන් (එංගලන්තය), නවීන් උල්හක් (ඇෆ්ඝනිස්ථානය), ශර්ෆේන් රදර්ෆෝඞ් සහ රවී රාම්පෝල් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) යන කී‍්‍රඩකයන් 5 දෙනාම අබුඩාබි දහයයි-10 තරගාවලියට සහභාගි වී සිටිති. එම තරගාවලිය නිමාවූ වහාම ඔවුන් දිවයිනට ලඟවීමට නියමිත බවත්, කීමෝ පෝල්ගේ (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) සහභාගිත්වයට සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් කිසිවක් පැවසීමට නොහැකි බවත් කණ්ඩායමේ පුහුණුකරු රුවන් කල්පගේ මහතා පැවසීය.

 


අදහස් (0)

විදෙස් කී‍්‍රඩකයෝ රැසක් වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.