Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වාර්ෂික ගිවිසුම ගැන දැන්ම කිසිවක් කියන්න බෑ

වාර්ෂික ගිවිසුම ගැන දැන්ම කිසිවක් කියන්න බෑ

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන ක‍්‍රිකට් ශූරතාව දිනා පැමිණි ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තරගාවලිය අතරතුරදී වාර්ෂික ගිවිසුම සම්බන්ධව ගැටළුවත් පැවති බවත් ඒ පිළිබඳව මේ අවස්ථාවේ වැඩි දුරටත් අදහස් ප‍්‍රකාශ කළ නොහැකි බවත්ය.

”තරගාවලියට සහභාගි වන විට වාර්ෂික ගිවිසුම පිළිබඳව ප‍්‍රශ්නයක් ඇති වුණා. එය විසදා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රතිචාර ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා’’ යැයි මැතිව්ස් අද (09) ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් හිමිවන මුදලින් 20% ක ප‍්‍රමාණයක් ක‍්‍රීඩකයන් ඉල්ලා සිටින බවත් ක‍්‍රිකට් ආයතනය එය ප‍්‍රතික්ෂේප කරන බවත් වාර්තා වේ.

මෙම මාධ්‍ය හමුවෙන් පසුව ද විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන්ට පමණක් ක‍්‍රිකට් ආයතනයේදී විශේෂ රැස්වීමක් පැවැත්විණි.   

 

ඡායාරූපය - ශාන්ත රත්නායක


අදහස් (0)

වාර්ෂික ගිවිසුම ගැන දැන්ම කිසිවක් කියන්න බෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.