Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසරේ ජනපි‍්‍රයතම කී‍්‍රඩකයා මාලිංග

වසරේ ජනපි‍්‍රයතම කී‍්‍රඩකයා මාලිංග

Dilrukshi - 2015 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් (2015) වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා බවට පත්වීමට ඡන්ද 80,425 ක් ලබා සිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සමත්වී ඇත.

තරගයේ අවසන් සතියේ ආරම්භය තෙක්ම සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු (ඡන්ද 46,176) පසුපසට ඇද දමමින් අවසන් සතිය තුළදී මාලිංග අමරසිංහ ඉදිරියට පැමිණ තිබේ.
එම සතිය මාලිංගට ඡන්ද 61,851 ක් ලැබී ඇති අතර සචින්ට ලැබී ඇත්තේ ඡන්ද 25,092 ක් පමණි. ඒ අනුව අවසන් සතිය ආරම්භ වීමට පෙර ඔවුන් දෙදෙනා අතර තිබූ ඡන්ද 2510 ක පරතරය එම සතිය අවසන් වන විට 34,249 ක් බවට පත්වී තිබේ.

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡුන්ද 5018 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡුන්ද 2313 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවලට පත්ව තිබේ.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 2870 ක් ලබාගනිමින් නැගී එන පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා බවට පත්ව ඇති අතර අවසන් සතිය තුළදී ඔහු ඡන්ද 333 ක් ලබාගෙන ඇත. 

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා බවට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් පත්වී ඇති අතර අවසන් සතියේදී ලබාගත් ඡන්ද 489 ත් සමගින් ඔහුගේ මුළු ඡුන්ද සංඛ්‍යාව 3959 කි.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය 
කී‍්‍රඩකයා   පාසල   ඡන්ද 
මාලිංග අමරසිංහ කොළඹ නාලන්දා විදුහල   80,425
සචින් දල්පදාදු  කොළඹ ශාන්ත පීතර විදුහල  46,176
අරවින්ද අකුරුගොඩ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  5,018
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල  2,313
පැතුම් මධුෂංක  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  1,568
රන්දේව් පතිරණ  කොළඹ රාජකීය විදුහල  1,562
තිමිර ජයසිංහ  කොළඹ තර්ස්ටන් විදුහල   1,443
ලක්ෂිණ රුද්‍රිගූ  කොළඹ ශාන්ත පීතර විදුහල  1,119
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල  916
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල  848
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල  655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල  643
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල  640
වනිඳු හසරංග  ගාල්ල රිච්මන්ඞ් විදුහල  420
දිනේත් නවෝද්‍ය  කොළඹ ශාන්ත පීතර විදුහල  311
නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල   ඡන්ද 
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 2,870
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල  914
අචින්ත උෂාන්  ගාල්ල විද්‍යාලෝක විදුහල 11
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල   ඡන්ද 
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 3,959
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 228
ශෂික රත්නතිලක  නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල   54

 

-036

 


අදහස් (0)

වසරේ ජනපි‍්‍රයතම කී‍්‍රඩකයා මාලිංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.