Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වරාය අධිකාරිය-මේරියන්ස්-කෝල්ට්ස්-බදුරලිය ජය ගනිති

වරාය අධිකාරිය-මේරියන්ස්-කෝල්ට්ස්-බදුරලිය ජය ගනිති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ තරග හයක් අද (12) අවසන්වූ අතර එහිදි එන්.සී.සී. පිලට එරෙහිව වරාය අධිකාරිය පිලත්, ද්‍රවිඩ සංගමයට එරෙහිව හලාවත මේරියන්ස් පිලත්, සැරසන්ස් පිලට එරෙහිව කෝල්ට්ස් පිලත්, යුදහමුදා පිලට එරෙහිව බදුරලිය යන කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට  සමත්වූහ.

බ්ලූම්ෆීල්ඞ් සහ සී.සී.සී. කණ්ඩායම් අතර තරගයත් මූවර්ස් සහ රාගම කණ්ඩායම් අතර තරගයත් ජයපරාජයෙන් තොරව අවසන් වුවද පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට සී.සී.සී. සහ රාගම කණ්ඩායම් සමත්වූහ.

ගෙවිගිය මෙම සති අන්තයේදී වාර්තා වූ ශතක හතරෙන් ශතක දෙකකට හිමිකම් කීමට රාගම පිලේ ළහිරු මිලන්ත සමත්විය. මූවර්ස් පිලට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 112 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 150 ක් රැස්කිරීමට ළහිරු මිලන්ත සමත් වූයේය. සී.සී.සී. පිලේ සචිත් පතිරණත්, මූවර්ස් පිලේ චාමර සිල්වාත් වාර්තාවූ අනෙක් ශතක දෙකට හිමිකම් කියූහ.

වරාය අධිකාරියේ චානක කොමසාරූ කඩුලු 10 ක්ද සැරසන්ස පිලේ රොෂාන් ජයතිස්ස සහ චතුර රංදුණු, බදුරලිය පිලේ නන්ද්‍රාස් ප්‍රසාද්, බ්ලූම්ෆීල්ඞ් පිලේ මලිත් ද සිල්වා, රාගම පිලේ අමිල අපෝන්සු කඩුලු 8 බැගින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මදුක ලියනපතිරනගේ (වරාය අධිකාරිය), ඩිල්රුවන් පෙරේරා (කෝල්ට්ස්) සහ මල්ක මදුශංක (යුදහමුදාව) ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් පන්දු යවන්නෝ වූහ.

 

එන්.සී.සී. සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරිය පිලට කඩුලු 4 ක ජයක්

එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 55.1 කදී සියලුදෙනා දැවී ලකුණු 220
(මහේල උඩවත්ත 54, ළහිරු කුමාර 47, ඇන්ජලෝ පෙරේරා 42, මාලින්ග අමරසිංහ 29, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 24, මදුක ලියනපතිරනගේ 52/5, චානක කොමසාරූ 78/3)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(අකලංක ගනේගම නොදැවී 24, ළහිරු කුමාර 28/2, ලසිත් ඇඹුල්දෙණිය 28/2)
එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 55.1 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(සදුන් වීරක්කොඩි 25, ඇන්ජලෝ පෙරේරා 22, සචින්ත පිරීස් නොදැවී 27, චානක කොමසාරූ 49/7, නලින් ප්‍රියදර්ෂන 48/3)
වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 76.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 220
(යොහාන් ද සිල්වා 23, නික් කොම්ප්ටන් 21, ඉශාන් රංගන 51, ගයාන් මනීෂාන් 46, මදුක ලියනපතිරණගේ 45, ප්‍රශාන් වික්‍රමසිංහ නොදැවී 21, ළහිරු කුමාර 35/2, සචිත්‍ර පිරීස් 48/2)

 

ද්‍රවිඩ සංගමය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස්ට කඩුලු 6 ක ජයක්

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 81.2 කදී සියලුදෙනා දැවී ලකුණු 305
(ධනංජය ද සිල්වා 72, යොහාන් මෙන්ඩිස් 61, රංගන හේරත් 45, ජීවන් මෙන්ඩිස් 42, රමිත් රඹුක්වැල්ල 22, බිනුර ප්‍රනාන්දු නොදැවී 21, අසිත ප්‍රනාන්දු 51/4, සචිත්‍ර සේරසිංහ 68/3, ශෙහාන් ජයසූරිය 76/2)
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 67.1 කදී සියලුදෙනා දැවී ලකුණු 296
(ශෙහාන් ජයසූරිය 22, ඕෂධ ප්‍රනාන්දු 81, සචිත්‍ර සේරසිංහ 65, ඉසුරු උදාන 44, රංගන හේරත් 62/3, ජීවන් මෙන්ඩිස් 80/3, ධනංජය ද සිල්වා 34/2)
ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 58.1 කදී සියලුදෙනා දැවී ලකුණු 197
(සිතාර ගිම්හාන් 61, මනෝජ් සරත්චන්ද්‍ර 63, ජීවන් මෙන්ඩිස් 27, මාලින්ද පුෂ්පකුමාර 86/4, සචිත්‍ර සේරසිංහ 9/2, ශෙහාන් ජයසූරිය 39/2, අසිත ප්‍රනාන්දු 47/2)
හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 31.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 207
(ශෙහාන් ජයසූරිය 62, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 88, ඉසුරු උදාන නොදැවී 22, රංගන හේරත් 51/2, ධනංජය ද සිල්වා 60/2)

 

කෝල්ට්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පිලට ලකුණු 226 ක ජයක්

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 79.3 කදී සියලුදෙනා දැවී ලකුණු 246
(ප්‍රියමාල් පෙරේරා 92, අවිශ්ක ප්‍රනාන්දු 72, සදීර සමරවික්‍රම 31, රොෂාන් ජයතිස්ස 51/5, චතුර රංදුණු 78/3, සචිත්‍ර පෙරේරා 48/2)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 55 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(මොහොමඞ් ජලීල් 29, ප්‍රමෝද් මදුවන්ත 38, රොෂාන් ජයතිස්ස 23, කවිශ්ක අංජුල 38/4, ප්‍රභාත් ජයසූරිය 42/3, මොහොමඞ් ශිරාස් 28/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 85.5 කදී සියලුදෙනා දැවී ලකුණු 277
(සංගීත් කුරේ 34, සධීර සමරවික්‍රම 35, විශාද් රංදික 50, ප්‍රියමාල් පෙරේරා 21, අසිත ප්‍රනාන්දු 26, ඩිල්රුවන් පෙරේරා 52, කවිශ්ක අංජුල 35, චතුර රංදුණු 107/5, රොෂාන් ජයතිස්ස 56/3)
සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 44.1 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(තනුක දාබරේ 52, ගමිඳු අමරසිංහ 21, හර්ෂ කුරේ 27, ඩිල්රුවන් පෙරේරා 46/5, ප්‍රභාත් ජයසූරිය 63/4)

 

යුදහමුදාව සහ බදුරලිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

බදුරලිය පිලට කඩුලු 6 ක ජයක්

යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 51 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(අශාන් රංදික 30, ජනිත් සිල්වා නොදැවී 27, දිල්ශාන් ද සොයිසා 24, නන්ද්‍රාස් ප්‍රසාද් 41/5, දිලේෂ් ගුණරත්න 36/4)
බදුරලිය - පළමු ඉනිම - ඕවර 82 කදී සියලුදෙනා දැවී ලකුණු 248
(පැතුම් නිස්සංක 49, දිල්හාන් කුරේ 31, රමිදු ද සිල්වා 65, සංජය චතුරංග නොදැවී 69, මල්ක මදුශංක 41/5, සම්පත් පෙරේරා 49/3)
යුදහමුදාව - දෙවැනි ඉනිම - ඕවර 65 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(දිල්ශාන් ද සිල්වා 21, දුශාන් විමුක්ති 46, සම්පත් පෙරේරා 39, ජනිත් ද සිල්වා 37, අලංකාර අසංක 91/4, නන්ද්‍රාස් ප්‍රසාද් 54/3, දිලේෂ් ගුණරත්න 48/2)
බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 126
(පැතුම් නිස්සංක නොදැවී 60, ශිරාන් රත්නායක 29, මල්ක මදුශංක 37/2)

 

බ්ලූම්ෆීල්ඞ් සහ සී.සී.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

සී.සී.සී. පිලට පළමු ඉනිමේ ජයක්

සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 90.3 කදී සියලුදෙනා දැවී ලකුණු 445
(සචිත් පතිරණ 168, මාධව වර්ණපුර 85, ලසිත් අබේරත්න 25, කවින් බණ්ඩාර 24, රොන් චන්ද්‍රගුප්ත 20, ළහිරු මදුශංක 28, ළහිරු ගමගේ නොදැවී 23, රමේෂ් මෙන්ඩිස් 84/2, මලිත් ද සිල්වා 116/5)
බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 100.3 කදී සියලුදෙනා දැවී ලකුණු 334
(නිපුන් කරුණානායක 54, නිසල් ෆ්‍රැන්සිස්කෝ 72, රමේෂ් මෙන්ඩිස් 46, ප්‍රමෝද් හෙට්ටිවත්ත 78, තිරාන් ධනපාල 27, සචිත් පතිරණ 91/4, අශාන් ප්‍රියංජන් 49/3)
සී.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 58.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 310
(කවීන් බණ්ඩාර 85, මාධව වර්ණපුර 20, සචිත් පතිරණ 84, ළහිරු මදුශංක නොදැවී 52, මනෙල්ක ද සිල්වා 27, ළහිරු සමරකෝන් 75/4, මලිත් ද සිල්වා 56/3)

 

මූවර්ස් සහ රාගම කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී

රාගමට පළමු ඉනිමේ ජයක්

රාගම - පළමු ඉනිම - ඕවර 83 කදී සියලුදෙනා දැවී ලකුණු 380
(ළහිරු මිලන්ත 112, රොෂේන් සිල්වා 37, ජනිත් ලියනගේ 97, ඉශාන් ජයරත්න 63, තරිඳු රත්නායක 93/3, කෝසල කුලසේකර 32/2, සජීව වීරකෝන් 95/2)
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 60 කදී සියලුදෙනා දැවී ලකුණු 241
(පබසර වඩුගේ 29, තිලක්ෂ සුමනසිරි 22, චාමර සිල්වා 121, දෙනුවන් රාජකරුණා 20, අමිල අපෝන්සු 79/6, නිශාන් පිරීස් 41/2)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 70 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 317
(උදාර ජයසුන්දර 44, සමින්ද ප්‍රනාන්දු 36, ළහිරු මිලන්ත නොදැවී 150, රොෂේන් සිල්වා 38, සමීර ද සොයිසා නොදැවී 21, සඳකැන් පතිරණ 103/3, තරිඳු රත්නායක 69/2)
මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 132
(පබසර වඩුගේ 69, සහන් නානායක්කාර 42/3, අමිල අපෝන්සු 27/2, නිශාන් පිරීස් 58/2)

 


අදහස් (0)

වරාය අධිකාරිය-මේරියන්ස්-කෝල්ට්ස්-බදුරලිය ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.