Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේ මීළඟ අදියරේ ක්‍රීඩකයන් වර්ගීකරණය හෙට (05 වැනිදා) පැවැත්වේ. තුන්වැනි වරටත් පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලිය සඳහා දේශීය සහ විදේශීය ක්‍රීඩකයෝ 353 ක් ලියාපදිංචි වී සිටිති.
ඒ සඳහා විදේශීය ක්‍රීඩකයෝ 180 දෙනෙක්ද ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 173 දෙනෙක්ද ලියාපදිංචි වී සිටිති. ක්‍රීඩක ලියාපදිංචිය මේ වන විට අවසන් වී තිබේ.
ක්‍රීඩකයන් වර්ගීකරණය සිදුවන්නේ එල්.පී.එල්. පරිපාලන කමිටුවේ සහභාගිත්වය, අදාළ කණ්ඩායම් හිමිකරුවන්ගේ නියෝජිතයන් සහ පුහුණුකරුවන්ගේ මනාපය පරිදිය. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ කිසිම ආකාරයක සම්බන්ධයක් එහි නැත.
ක්‍රීඩකයන් වර්ගීකරණය අදියර 20 කින් සමන්විත වේ. එහිදී විදේශීය ක්‍රීඩකයන් “රතු කැට, නිල් කැට, දියමන්ති ‘ඒ’ කාණ්ඩය සහ දියමන්ති ‘බී’ කාණ්ඩය මෙන්ම ප්ලැටිනම් කාණ්ඩය යනුවෙන් වර්ගීකරණය කෙරේ. විදේශීය ක්‍රීඩකයන් කාණ්ඩ 5 කට වෙන් කෙරේ.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සඳහා “රන්” කාණ්ඩයක්ද වෙයි. ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ දක්‍ෂතම ක්‍රීඩකයන් තෝරා ගැනේ.
සෑම කණ්ඩායමක් සඳහාම ක්‍රීඩකයන් 20 ක් බැගින් නම් කෙරෙනු ඇත. ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 14 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයෝ 6 දෙනෙක් තෝරා ගැනෙති. එක් කණ්ඩායමක් සඳහා වයස 23 න් පහළ ක්‍රීඩකයන් දෙදෙනකු තෝරා ගැනේ.
අවශ්‍ය නම්, කිසියම් කණ්ඩායමක් වෙත පසුගිය වසරේ තෝරාගත් ක්‍රීඩයන් 6 දෙනෙක්, (ශ්‍රී ලාංකිකයෝ 4 ක් සහ විදේශීය ක්‍රීඩකයෝ 2 ක්) රඳවා ගත හැකිය.
කණ්ඩායම් හිමිකරුවන්ගේ අවශ්‍යතා අනුව, විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු කෙළින්ම බඳවාගත හැකිය. එහෙත් අනෙක් ක්‍රීඩකයන් ලියාපදිංචි වී සිටින ක්‍රීඩක සංචිතයෙන් තෝරාගත යුතුව තිබේ.
එල්.පී.එල්. තරගාවලිය මේ මස 31 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සියලුම තරග පැවැත්වීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ සූරියවැව ක්‍රීඩාංගණය වෙන්කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.