Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වයඹට ලකුණු 46 ක ජයක්

වයඹට ලකුණු 46 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 46 ක ජයක් හිමිකර ගැනීමට වයඹ පළාත් කණ්ඩායම අද (01  වැනිදා) සමත්විය. මෙම තරගය වෙන්නප්පුව ඇල්බට් පීරීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

උතුරු මැද පළාත් කණ්ඩායම පන්දුවට පහරදෙනවිට දෙවතාවක් වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවූ අතර පැරබෝලා න්‍යායට අනුව ඕවර 34 කදී ලකුණු 165 ක ඉලක්කයක් ඔවුන්ට හිමිවූහ.


වයඹ පළාත - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 200
(ශෙවන් ජොනතන් 63, සචින්ත සංදීප 25/3)

උතුරු මැද පළාත - ඕවර 34 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 118
(මාලිංග දසනායක නොදැවී 20, අංජන සිව්රත්න 10/2)

 


අදහස් (0)

වයඹට ලකුණු 46 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.