Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට

වනිඳු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට

editorial - 2022 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගතකිරීම්වලට අනුව ‍විස්සයි-20 පන්දු යවන්නන් අතර හයවැනි ස්ථානයත්, විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිවුවැනි ස්ථානයත් දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී ඇත.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා හේතුවෙන් වනිඳු මෙලෙස ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණ තිබේ. එම තරගාවලියේ අවසන් මහ තරගයේදී පන්දු 21 කින් ලකුණු 36 ක් රැස්කළ වනිඳු, ඉන් නොනැවතී ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගැනීමටද සමත් විය.

එම කඩුලු 3 ත් සමග තරගාවලියේ තරග 6 කදී කඩුලු 9 ක් දවාගැනීමට සමත් වූ වනිඳු විස්සයි-20 පන්දු යවන්නන් අතර ස්ථාන 3 ක් ඉදිරියට එමින් එහි 6 වැනි ස්ථානයට පත්ව සිටියි. තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඔහු සිවුවැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 7 ක් ඉදිරියට එමිනි.

වනිඳුට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂද නවතම ශ්‍රේණිගතකිරීම්වලට අනුව විස්සයි-20 පිතිකරුවන් අතර ස්ථාන 33 ක් ඉදිරියට පැමිණ සිටියි. මේ වන විට ඔහු එම ලැයිස්තුවේ 34 වැනි ස්ථාන‍යේ රැදී සිටියි.

පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී පන්දු 45 කදී නොදැවී ලකුණු 71 ක් රැස්කිරීමට සමත් වූ භානුක, ඉන් පෙර පැවැති තරගවලදී ඇෆ්ඝනිස්ථානය‍ට එරෙහිව ලකුණු 31 ක්ද, ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණූ 25 ක්ද, පාකිස්තානට එරෙහිව ලකුණු 2  4 ක්ද රැස්‍කළේය. 

වනිඳු හැරු‍ණු කොට විස්සයි-20 පළමු පන්දු යවන්නන් 10 දෙනා අතර සිටින සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ එහි 8 වැනි ස්ථානයේද, විස්සයි-20 පළමු පිතිකරුවන් 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන පැතුම් නිස්සංක එහි 8 වැනි ස්ථානයේද රැදී සිටිති.


අදහස් (0)

වනිඳු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.