Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳු - භානුක පාකිස්තාන සුපිරි ලීගයට

වනිඳු - භානුක පාකිස්තාන සුපිරි ලීගයට

editorial - 2022 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ පෙබරවාරි මාස 9 වැනි සිට මාර්තු මස 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ක්‍රීඩකයන් වන වනිඳු හසරංගට සහ භානුක රාජපක්ෂට හිමිව තිබේ.

තරගාවලියට ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා ඊයේ (15 වැනිදා) පැවැති ක්‍රීඩක කාණ්ඩගත කිරීමේදී කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් හංසරංගද, පේෂාවර් සල්මි කණ්ඩායම විසින් භානුකද සිය කණ්ඩායම් සඳහා තෝරා ගනු ලැබූහ.

කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වීම සඳහා විදෙස් ක්‍රීඩකයන් 36 දෙනෙකුට අවස්ථාව හිමිව තිබේ. මෙවර තරගාවලියේදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 36 කි.

-036 


අදහස් (0)

වනිඳු - භානුක පාකිස්තාන සුපිරි ලීගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.