Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මේ 31 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර සඳහා ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න සිය කණ්ඩායමට ඍජුවම ඇතුළත් කර ගැනීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ. ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී වනිඳු ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ කළ අතර චාමික දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය.
ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර සෑම කණ්ඩායමකටම දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ඍජුවම සිය කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීමට තරගාවලියේ සංවිධායකයන් අවසර ලබා දී තිබිණ. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාර්ලෝස් බ්‍රැත්වේට් විදෙස් ක්‍රීඩකයකු ලෙස ඍජුවම සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටද කැන්ඩි වොරියර්ස් කණ්ඩායම කටයුතු කර තිබේ.
එක් එක් කණ්ඩායම්වලට ඉකුත් වසරේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් සිවුදෙනා බැගින් මෙම වසරේදීත් එම කණ්ඩායම්වලම රඳවාගැනීමටද තරග සංවිධායකයන් ඉඩකඩ ලබා දී තිබිණ. ඒ අනුව ඉකුත් වසරේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙම වසරේදීත් කණ්ඩායමේ රඳවා ගැනීමට එහි කලමණාකාරීත්වය තීරණය කර තිබේ.
කෙසේ වුවත් ඉකුත් වසරේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක මෙම වසරේදී එම කණ්ඩයමෙන් ඉවත්ව ගොස් ඇත. ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම විසින් මෙවර තරගාවලිය සඳහා අසලංක, ඍජුවම සිය කණ්ඩායමට ඇතුළත් කරගනු ලැබ ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.