ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන තරගාවලි සඳහා සූදානම් වීමේදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය
බාධාවක් නොවන බව පාකිස්තාන පිලේ නව පුහුණුකරු වකාර් යුනිස් මහතා පවසයි.
පාකිස්ථාන පිලේ හිටපු ප‍්‍රධාන පෙළේ වේග පන්දුයවන්නකු වන වකාර් යුනිස් මේ වන විට 42 වැනි වියේ පසුවන අතර ඕස්ටේ‍්‍රලියානු ජාතික පුහුණුකරුවකු වන ඩැව්නෙල් වට්මෝර් මහතා ඉවත්ව යාමෙන් හිස්වූ පාකිස්තාන පිලේ පුහුණුකරු තනතුර සඳහා ඔහු පත්ව තිබේ.
”ඇත්තෙන්ම අපේ දීර්ඝ කාලීන ඉලක්කය ලෝක කුසලාන තරගවලිය තමා. ඒක ලොකු තරගාවලියක්. හැම කණ්ඩායමක්ම ඒක ගැන හුගක් අවධානයෙනුයි ඉන්නේ” යැයි වකාර් යුනිස් මහතා පවසයි.
”නමුත් ඊට කලින් අපිට කුඩා ඉලක්ක 3 ක් තියෙනවා. ඒ තමා ශ්‍රී ලංකා, ඕස්ටේ‍්‍රලියා සහ නවසීලන්ත තරගාවලි 3. සිදුවූ වැරදි වලින් පාඩම් ඉගෙනගනිමින් ඉදිරියට යෑම තමයි අපේ අරමුණ” යැයිද තව දුරටත් අදහස් දැක්වූ පාකිස්තානු පිලේ නව පුහුණුකරුවා කියා සිටියේය.
පාකිස්තාන පිලේ පිතිහරඹ පුහුණුකරු ලෙස තෝරාගෙන සිටින සිම්බාබ්වේ පිලේ හිටපු ආරම්භක පිතිකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් සමග එක්ව කටයුතු කිරීමට තමා සූදානම් බවද ඔහු එහිදී සඳහන් කළේය.
අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 2 සහ එක්දින ජාත්‍යන්තර තරග 3 වෙනුවෙන් පාකිස්තාන පිල සූදානම් වෙයි.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.