Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වින්සන්ට ජීවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනම්

වින්සන්ට ජීවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනම්

ශනුක අරවින්ද - 2014 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නවසීලන්ත පිලේ හිටපු පිතිකරුවකු වන ලූ වින්සන්ට ලෝකය පුරාම බලපැවැත්වෙන පරිදි ජීවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනමක් පැනවීමට එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය තීරණය කර තිබේ. එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයේ දූෂණ මර්ධන ඒකකයේ නියමයන්ට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි බී. බී. සී. පුවත් සේවය වාර්තා කරයි.

මෙම තහනම නිකුත් වීමට පැය කිහිපයකට පෙර තමන්ගේ වැරදි සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ ලූ වින්සන් තමන් වංචාකාරයකු බවත්, තමන්ගේ රටේ නම මෙන්ම තමන් සහභාගි වූ කී‍්‍රඩාවේ නමත් කෙළෙසීමට දායක වීඇති බවත් පවසමන්, කි‍්‍රකට් තරග වලදී නිසි දස්කම් නොදක්වා කී‍්‍රඩා කිරීමට ඔට්ටු කරුවන්ගෙන් මුදල් ලබාගත් බවත් පිළිගත්තේය.

ඒ අනුව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් සංවිධානය කරන්නා වූ, නැතහොත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ හෝ එහි සාමාජිකයන් විසින් සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියකට සහභාගි වීම ලූ වින්සන්ට තහනම් වේ.

එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයේ දූෂණ මර්ධන ඒකකයේ නියමයන්ට එරෙහි කාරණා 18 ක් සම්බන්ධයෙන් ලූ වින්සන් වරද පිළිගෙන තිබේ. එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ තරග 3 කදී ඔහු විසින් කරන ලද වැරදි සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනමක් පනවනු ලැබ ඇත.

නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවරදී 1978 දී උපත ලද ලූ වින්සන්ට්  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත්තේය. නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 23 කදී ලකුණු 1332 ක් ලබාගත් වින්සන් එක්දින තරග 102 කදී ලකුණු 2413 ක් ලබා ඇත.

එංගලන්තයේ ලැන්කෂයර්, නොදම්ප්ටන්ෂයර්, සසෙක්ස් සහ වූස්ටර්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායම් වෙනුවෙන් කී‍්‍රඩා කළ වින්සන් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව, බංග්ලාදේශය සහ එංගලන්තය යන රටවල විස්සයි:20 තරග සඳහා සහභාගි විය.

 


අදහස් (1)

වින්සන්ට ජීවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.