Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලට මහේලගේ සහාය

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලට මහේලගේ සහාය

editorial - 2022 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඔක්තෝබර් මස 16 වැනිදා සිටි නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී මහේල ජයවර්ධන මහතා පුහුණු උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඈෂ්ලි මහතා ඒ බව සඳහන් කළේය. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ජයගැනීම නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබූ අතර ඊට ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා සහ දසුන් ශානකද එක්ව සිටියහ. 

“ලෝක කුසලානය පැවැත්වෙන කාලෙදි මහේල කණ්ඩායමත් එක්ක ඉන්නවා. එයා 6 වැනිදා වගේ ඉදන් ඉන්නවා. කණ්ඩායම යන්නේ 2 වැනිදා. ගිහින් එයාලා පුහුණුවීම් කරනවා. අයි.සී.සී. සපෝට් පිරියඩ් එක (පුහුණුවීම් සහ පෙරහුරු තරග) පටන්ගන්නේ 9 වැනිදා. ඊට ඉස්සෙල්ලා මහේල ගිහින් කණ්ඩායම එක්ක දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා.” යැයිද ඈෂ්ලි මහතා පැවසීය.

එහිදී අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්මාතනයේදී ලබා ඇති සාර්ථකත්වය පසුපස ජයවර්ධන මහතාද සිටින බවය. ජයවර්ධන මහතාගේ සේවය පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ ශම්මි මහතා මෙසේද සඳහන් කළේය. 

“අපි මහේලව ගත්තෙ පුහුණු උපදේශකයෙක් විදියට හැම සංචාරයටම යන්න නෙමෙයි. ඒත් අපිට කියන්න පුලුවන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළට එන්න එක හේතුවක් තමයි මහේල. එයා ඇත්තටම හැංගිලා කරන භූමිකාවක් තමයි මෙතන කරන්නෙ. මොකද මහේල හැම එකටම මැදිහත් වෙනවා. තේරීම් කටයුතු, උපාය මාර්ග මේ හැම දේටම එයා දායකත්වය දක්වනවා.”

“ජාතික කණ්ඩායම විතරක් නෙමෙයි, කනිෂ්ඨ මට්ටමේ ඉදලම අපේ ක්‍රිකට් එක දැන් සෑහෙන්න දියුණු වෙලා තියෙන්නෙ. ඒ හැම දේටම මහේලගේ ලොකු දායකත්වයක් තියෙනවා. එයා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එක්ක ගිවිසුම්ගත වුණා කියලා අපි මේක නවත්තන්නෙ නෑ. අපි තීරණය කරලා තියෙන්නෙ දිගටම එයාගෙ සේවය ලබාගන්න. මහේලගෙ දැනුමෙන් අපට ලොකු සේවයක් වෙනවා.” යැයි ශම්මි මහතා පැවසීය.   

කෙසේ වුවත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන උපදේශකයකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංගගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී හිමි නොවන බව ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.

“ලසිත් මාලිංග ලෝක කුසලානයට කණ්ඩායමත් එක්ක යන්නෙ නෑ. නමුත් මාලිංග අපිට උදව්ව කරන්න නුවර තියෙන අපේ පුහුණු කඳවුරට සහභාගි වෙනවා. ඒකට එයා එයාගෙ කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා අපි යන්න ඉස්සෙල්ලා එයාගෙ උදව් ලබාගන්නවා.” යැයි ඈෂ්ලි මහතා කියා සිටියේය.

“ඇත්තටම අපිට ලසිත් මාලිංගව ලෝක කුසලානයට ගෙනියන් පුළුවන් නම් අපිට කරන්න පුළුවන් හොඳම වැඩේ ඒකයි. හැබැයි මාලිංග එයාගේ පෞද්ගලික හේතුවක් නිසා තමයි එන්න බැහැ කිව්වෙ. ඒත් එයා කිව්වා යන්න කලින් ඇවිත් කණ්ඩායමට උදව් කරන්නම් කියලා. යැයි මාලිංග සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශම්මි සිල්වා මහතා සඳහන් කළේය.


අදහස් (2)

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලට මහේලගේ සහාය
  • Kumar (Gulf) Thursday, 15 September 2022 11:01 PM

    මේක ව්‍යවසනයක් විය හැකියි. මහේල සම්බන්ධ වුණොත්, නියත වශයෙන්ම 2022 ලෝක කුසලානය අහිමි වනු ඇත.

    Reply 0       0

    Asintha Saturday, 17 September 2022 03:02 PM

    අනිවාර්යයෙන්! පරදින කොට එකෙක්වත් නෑ. එයාලගේ බිස්නස් බලාගෙන හිටියා. MI කණ්ඩායමේ පුහුණුකරු කරන්න ගියා. දැන් දින්නට පස්සේ සම්පූර්ණ සීරීස් එකම කණ්ඩායමත් එක්ක ඉන්නවා. ඕස්ට්‍රේලියාවෙනේ තියෙන්නේ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.