Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලේතම් - කොන්වේ විශිෂ්ඨ සම්බන්ධතාවක

ලේතම් - කොන්වේ විශිෂ්ඨ සම්බන්ධතාවක

editorial - 2025 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුරව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (18 වැනිදා) කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයෝ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 323 ක් එක් කළහ. 

නවසීලන්තය වෙනුවෙන් නායක ටොම් ලේතම් (137) සහ ඩොවෝන් කොන්වේ (නොදැවී 178) එක්ව පළමු කඩුල්ල සඳහා එම සම්බන්ධතාව ගොඩනැගූ අතර එහිදී 15 වැනි ටෙස්ට් ශතකය ලබාගත් ලේතම් එය හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් සැරසුවේය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ කොන්වේගේ 6 වැනි ටෙස්ට් ශතකය හතරේ පහර 25 කින් සමන්විත විය. 

නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙක් එක්ව ටෙස්ට් තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ 8 වැනි ඉහළම සම්බන්ධතාව මෙන්ම පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ දෙවැනි ඉහළම සම්බන්ධතාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය. මින් පෙර ටෙරි ජාවිස් (182) සහ ග්ලේන් ටර්නර් (259) කොදෙව්වන්ට එරෙහිව 1972 වසරේ පැවැති ටෙස්ට් තරගකදී නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 387 ක සම්බන්ධතාවක් ගොඩනගා තිබිණ. 

පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 334 ක් ලබා සිටියහ. නවසීලන්ත ඉනිමේ බිඳවැටුණු එකම කඩුල්ල ලෙස ටොම් ලේතම් දැවී ගියේ කේමර් රෝච්ගේ පන්දුවක් හමුවේ රොස්ටන් චේස් අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ජෙකෝබ් ඩෆී හතරේ පහරක් සමග ලකුණු 9 ක් ලබා කොන්වේ සමග නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. 


නවසීලන්ත පළමු ඉනිම - කිසිවකු නොදැවී 334  
(ටොම් ලේතම් 137, ඩෙවොන් කොන්වේ නොදැවී 178) 

-036 


අදහස් (0)

ලේතම් - කොන්වේ විශිෂ්ඨ සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.