අන්තර් පාසල් වයස 19 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් මීගමුව මාරිස්ටෙලා විදුහල පරදවා පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලූම්බිණි විදුහල සමත්විය.
තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි මාරිස්ටෙලා විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 200 ක් ලබාසිටියේය. ලූම්බිණි විදුහලේ චාමර නිෂාන්ත ලකුණු 90 ක් රැස්කරමින් සහ ලකුණු 57 කට කඩුලූ 4 ක් දවාලමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
මාරිස්ටෙලා විදුහලේ චතුරංග රාජපක්ෂ ඉනිම් දෙකේදීම අර්ධ ශතක (65 සහ නොදැවී 95) ලබාගත් අතර ප‍්‍රසන්න ජයමාන්න (82) සමග එක්ව දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 167 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය.
මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම - ඕවර 77.3 කදී සියලූදෙනා දැවී 223
(චතුරංග රාජපක්ෂ 65, ශෙහාන් ප‍්‍රනාන්දු 49, ශානක ප‍්‍රනාන්දු 25, සුදේෂ් ලක්මාල් 24, රසාන්ජය සිල්වා 21, තරුෂාන් ඉද්දමල්ගොඩ 47/5, තනුක දාබරේ 50/4)
ලූම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 54.3 කදී සියලූදෙනා දැවී 226
(චාමර නිෂාන්ත 90, ධම්මික ධාරණි 36, වාසන මධුසංක 20, විමුක්ති කාවින්ද 15, සචිඳු කොළඹගේ 23/4, ප‍්‍රසන්න ජයමාන්න 37/3, ඩිලාන් ගමගේ 54/2)
මාරිස්ටෙලා විදුහල දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලූ 5 කට 200
(චතුරංග රාජපක්ෂ නොදැවී 95, ප‍්‍රසන්න ජයමාන්න 82, චාමර නිෂාන්ත 57/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.