Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලැබුෂේන්ගෙන් පිට පිටම සිවුවැනි ශතකයත්
ඇඩිලේඩ් ටෙස්ට් තරගය

ලැබුෂේන්ගෙන් පිට පිටම සිවුවැනි ශතකයත්

editorial - 2022 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියාව, පළමු දිනය වූ අද (8 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියේය. 

එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ මානස් ලැබුෂේන් පන්දු 235 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 120 ක් රැස්කළේය. එය ඔහු පිට පිටම ටෙස්ට් තරග 3 කදී ලබාගත් සිවුවැනි ශතකයද විය. 

මෙම වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 104 ක් රැස්කළ ලැබුෂේන් ඉන් අනතුරව ටෙස්ට් තරගයකට සහභාගි වූයේ නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්න් පිලට එරෙහිවය. 

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එය වූ අතර එහි පළමු ඉනිමේදී ලකුණු 204 ක් රැස්කළ ලැබුෂේන්, ඉන් නොනැවතී දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 104 ක්ද රැස්කළේය. ඒ අනුව මෙම තරගයේදී ලබාගත් ශතකය ඔහු පිට පිටම තරග 3 කදී ලබාගත් සිවුවැනි ශතකය බවට පත් විය.  

පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 21 කට දැවී යෑමෙන් අනතුරුව උස්මාන් කවාජා (62) සමග එක්වූ ලැබුෂේන්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව කවාජා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. 

ඉන් අනතුරුව පිටියට පිවිසි ස්ටීවන් ස්මිත්ට (0) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ නමුත් පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ට්‍රැවීස් හෙඩ් (නොදැවී 1) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 199 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට ලැබුෂේන් සමත් විය. 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 330  
(ඩේවිඩ් වෝනර් 21, උස්මාන් කවාජා 62, මානස් ලැබුෂේන් 120, ට්‍රැවීස් හෙඩ් නොදැවී 114) 

 


අදහස් (0)

ලැබුෂේන්ගෙන් පිට පිටම සිවුවැනි ශතකයත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.