Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මීගමුව ලොයෝලා විදුහල ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලොයෝලා විදුහලේ ලලින්ද්‍ර ප්‍රනාන්දු ලකුණු 44 කට කඩුලු 5 ක් සහ කවිඳු කවීෂ ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සුධීර සොයිසා (63) අර්ධ ශතකයක් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
ද මැසිනොද් විදුහල - පළමු ඉනිම - ඕවර 57.2 කදී සියලුදෙනා දැවී 158
(පසිඳු රත්නසිරි 32, සෙනුක ජයලත් 31, තරණ සිල්වා 23, ලලින්ද්‍ර ප්‍රනාන්දු 44/5, කවිඳු කවීෂ 14/3, සවීන් නෝනිස් 43/2)
ලොයෝලා විදුහල - පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 184
(සුධීර සොයිසා 63, දිමුතු අසංක 31, ලලින්ද්‍ර ප්‍රනාන්දු 27, හසංජ විශ්වජිත් 22, රංසිඳු ජරිජු 59/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.