Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයන්ගේ පිතිහරඹය ඇරබියන්ස් පිල දිනවයි

ලයන්ගේ පිතිහරඹය ඇරබියන්ස් පිල දිනවයි

editorial - 2019 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි  10 ලීග් ක්‍රිකට් තරගාවලියේ මාරතා ඇරබියන්ස් කණ්ඩායම සහ අබුඩාබි කණ්ඩායම අතර ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24 ක ජයක් අත්කර ගැනීමට මාරතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය අබුඩාබි කණ්ඩායමට නියමිත ඕවර 10 අවසානයේ කඩුලු 3 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. අබුඩාබි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ලුක් රයිට් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස් කළේය.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 11 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක් ලබාගත් අතර නායක මුයින් අලී පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක්ද, ලුවිස් ජෝජ් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 23 ක්ද රැස්කිරීමට සමත් වූහ.

මිචෙල් මැක්ලෙනගන් සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවාගනිමින් අබුඩාබි පිතිකරුවන් පීඩනයට ලක්කළ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලසිත් මාලිංග කඩුලු ලබාගැනීමට නොහැකි වුවද, සිය ඕවර 2 ලකුණු 13 කට සීමා කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇරබියන්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 138 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්‍රිස් ලයන් පන්දු 30 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 91 ක්ද රැස්කිරීමට සමත් විය.

ඇඩම් ලේත් (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් වූ ලයන්, ඇරබියන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමුවේය. එහිදී පන්දු 18 කට මුහුණදුන් ලේත්, හයේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය.

මාරතා ඇරබියන්ස් පිල - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 138
(ක්‍රිස් ලයන් නොදැවී 91, ඇඩම් ලෙත් 30)

අබුඩාබි පිල - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 114  
(නිරෝෂන් දික්වැල්ල 15, ලුක් රයිට් නොදැවී 40, මුයින් අලී 31, ලුවිස් ජොජ් නොදැවී 23)

-036


අදහස් (0)

ලයන්ගේ පිතිහරඹය ඇරබියන්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.