Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලකුණු සැණකෙළිය ජය පැරදුමෙන් තොරයි
රාවල්පිණ්ඩි ටෙස්ට් තරගය

ලකුණු සැණකෙළිය ජය පැරදුමෙන් තොරයි

editorial - 2022 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාවල්පිණ්ඩි ලකුණු සැණකෙළියේදී පිට පිටම දෙවැනි ඉනිමේත් ශතකයක් ලබාගත් ඉමාම්-උල්-හක් වාර්තා පොත් අතරට එක්වෙද්දී  ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර පැවැති පළමු වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. මුල් ඉනිමේදී ලකුණු 17 ක සියුම් වාසියක් අත්කරගත් පාකිස්තානුවෝ සිය දෙවැනි ඉනිමේදී කිසිවකු නොදැවී ලකුණු 252 ක් ලබාගනිමින් තරගයේ අවසන් දිනය වූ අද (8 වැනිදා) කී‍්‍රඩාව නිමා කළහ. 

ඒ වෙනුවෙන් පාකිස්තානු පිතිකරුවෝ  ඕවර 77 ක් පුරා  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් වෙහෙසට පත්කළහ. 

ටෙස්ට් තරග 11 කට පසුව සිය මංගල ටෙස්ට් තරගය ලබාගත් ඉමාම්-උල්-හක් එම තරගයේදීම සිය දෙවැනි ටෙස්ට් ශතකයක් ලබාගත්තේය. මුල් ඉනිමේදී ලකුණු 157 ක් ලබාගත් ඉමාම්-උල්-හක්, අද දිනයේත් පැය 5 කට වැඩි කාලයක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 111 ක් ලබාගත්තේ හතරේ පහර 7 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සරසමිනි. 

ඉමාම්ගේ සහායක ආරම්භක පිතිකරුවා වූ අබ්දුල් ශෆීක් ද සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේ තරගයේ තීරණයක් පෙනෙන තෙක් මානයක නොතිබූ හෙයිිනි. 

දින 5 ක් ඇතුළත ලකුණු 1,187 ක් වාර්තා වූ රාවල්පිණ්ඩි තණතීරුවේදී බිඳවැටුණේ කඩුලූ 14 ක් පමණි. තරගයේ තීරණයක් පෙනෙන්නට නොතිබූ හෙයින් තමන්ගේ ඉදිරිපෙළ පන්දු යවන්නන් වහංගු කරගත්  ඕස්ටේ‍්‍රලියානු නායකයා, අතිරේක පන්දු යවන්නන් ද යොදාගනිමින් පන්දු යවන්නන්ගේ ලයිස්තුව කී‍්‍රඩකයන් 9 ක් දක්වා දීර්ඝ කළේය. ඉදිරිපෙළ පන්දු යවන්නන් වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඞ් තිදෙනාම එක්ව යැවූයේ  ඕවර 16 ක් පමණි. 

කෙසේ වෙතත් කඩුලූ 9 කට ලකුණු 449 ක් ලබා සිටි  ඕස්ටේ‍්‍රලියානුවන් අද පෙරවරුවේදී ඉනිම ආරම්භ කිරීමෙන් පසුව අවසන් කඩුලූ 3 දවාගැනීමට පකිස්තානු පන්දු යවන්නන්ට අවශ්‍ය වූයේ පන්දු 9 කි. එබැවින් පාකිස්තානුවන්ට ලකුණු 17 ක මුල් ඉනිමේ වාසියක් අත්විය. 

වමතින් දඟ පන්දු යවන්නා වූ නවුමන් අලී ලකුණු 107 කට කඩුලූ 6 ක් දවාගනිමින් සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ හෙයින්, රාවල්පිණ්ඩි තණතීරුව සම්බන්ධයෙන් කිසිවකුට මැසිවිලි කීමේ හැකියාවක් ද නැත. 

පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 4 ක් දැවී 476 

ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 459 

පාකිස්තානය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 252 
(අබ්දුල්ලා ශෆීක් නොදැවී 136, ඉමාම්-උල්-හක් නොදැවී 111) 

-213

 


අදහස් (0)

ලකුණු සැණකෙළිය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.