Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලක්‍ෂ 25 ක් ඉල්ලා කි‍්‍රකට් ආයතනයට එරෙහිව නඩු පවරයි

ලක්‍ෂ 25 ක් ඉල්ලා කි‍්‍රකට් ආයතනයට එරෙහිව නඩු පවරයි

ශනුක අරවින්ද - 2013 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඹුල්ල, පල්ලෙකැලේ සහ ඛෙත්තාරාම කී‍්‍රඩාංගණවල ප‍්‍රතිසංස්කරණ කටයුතු කෙරෙද්දී සැපයූ විදුලි උපකරණ වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 25 ක මුදලක් අයකර ගැනීම සදහා ඞීසල් සහ මෝටර් ඉංජිනියරින් සමාගම ශී‍්‍ර‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරන ලදි.

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට අමතරව එහි සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ ලේකම් නිශාන්ත රණතුංග මහතා ඇතුළු පස් දෙනකු වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

කී‍්‍රඩාංගණ ප‍්‍රතිසංස්කරණය කිරීමේදී සහ ඉදිකිරීමේදී අවශ්‍ය විදුලි බලය සපයා ගැනීම සඳහා මෙම විදුලි උපකරණ සපයා ඇති අතර ඒ වෙනුවෙන් අයවිය යුතු මුදල් තමන් වෙත ගෙවන ලෙස කිහිප අවස්ථාවකදීම සිහිකැ`දවීම් කර ඇතත් වග උත්තරකරුවන් මේ දක්වා අදාළ මුදල තමන්ට ගෙවා නැති බව පෙත්සම්කරු අධිකරණයට දැනුම් දී තිබේ.


අදහස් (0)

ලක්‍ෂ 25 ක් ඉල්ලා කි‍්‍රකට් ආයතනයට එරෙහිව නඩු පවරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.