Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලක්දාස් ද මෙල් විදුහලට ලකුණු 127 ක ජයක්

ලක්දාස් ද මෙල් විදුහලට ලකුණු 127 ක ජයක්

editorial - 2024 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(කුරුණෑගල පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහල සහ පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් විදුහල් අතර ප්‍රථම වරට සංවිධානය කරන ලද වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 127 කින් ජයග්‍රහණය කිරීමට ලක්දාස් ද මෙල් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරඟය පසුගිය සෙනසුරාදා (4 වැනිදා)  කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි.

තරඟයේ කාසිය වාසිය දිනාගත් ලක්දාස් ද මෙල් විදුහලේ නායක චමෝද් ප්‍රභාෂ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේය. නායක චමෝද් නායකත්වයේ ඉනිමක් ප්‍රදර්ශනය කරමින් පන්දු 75 කදී ලකුණු 70 ක් ලබා ගනිමින් ප්‍රථම තරඟයේදීම තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. ඔහුට අනගි සහායක් ලබා දුන් නිලංග රන්දුනු ලකුණු 23 කට බර්නදෙත් කණ්ඩායමේ කඩුළු 5 ක් දවා ගනිමින් ජයග්‍රහණය කරා යාමට හවුල් විය.

 

* තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා - චමෝද් ප්‍රභාෂ (ලක්දාස් ද මෙල් විදුහල)
* හොඳම පිතිකරු - කවීෂ ඉඳුවර ( ලක්දාස් ද මෙල් විදුහල)
* හොඳම පන්දු යවන්නා - නිලංග රනුදුනු (ලක්දාස් ද මෙල් විදුහල)
* හොඳම පන්දු රකින්නා - චමිත් බුද්ධිම (ශාන්ත බර්නදෙත් විදුහල)

 

ලක්දාස් ද මෙල් විදුහල - ඕවර 43 කදී සියලු දෙනා දැවී 208 යි.
(චමෝද් ප්‍රභාෂ 70 , කවීෂ් ඉඳුවර 67 , බිනූක පන්සිළු 35/3, අදීෂ සෙෂ්මින් 28/2 , නිම්නෙත් ජයනෙත්ති 60/2)

ශාන්ත බර්නදෙත් විදුහල - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 81 යි
(නිම්නෙත් හේරත් 29, විහඟ රසාංජන 24, නිලංග රන්දුනු 23/5, අදීෂ නිකේෂ් 9/2, චමෝද් ප්‍රභාෂ 11/2, මෙතුෂ් සන්දිත් 15/2)


අදහස් (1)

ලක්දාස් ද මෙල් විදුහලට ලකුණු 127 ක ජයක්
  • Demelz well-wishers Monday, 06 May 2024 11:09 AM

    "Battle of the Ambers" පලමු එක් දින තරඟයට සුබ පැතුම්!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.