ලංකා කැවලියර්ස් ක‍්‍රිකට් සමාජය දෙවැනි වරට සංවිධානය කරන වයස 40 ට වැඩි කී‍්‍රඩකයන් සඳහා වන ආරාධිත සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය හෙට (31) කොළඹ බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට ආරාධිත කණ්ඩායම් 12 ක් සහභාගි වීමට නියමිතය.
මෙහිදී එක කණ්ඩායමක ක‍්‍රීඩා කරන හය දෙනාගෙන් පස් දෙනෙකු වයස 40 ට වැඩි වියයුතු අතර එක ක‍්‍රීඩකයකු වයස 50 ට වැඩි විය යුතුය. පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියට තරග 11 ක් ඇතුළත් වේ.
වෙළෙඳ සේවා ක‍්‍රිකට් සමාජය, කෝල්ට්ස්, ලංකා බැංකුව, ඕල්ඞ් බෙන්ස්, ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට් පාසල, නාවික හමුදාව, යුද හමුදාව, වෘත්තිය ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය, හැටන් නැෂනල් බැංකුව, මොරටුව ස්ටාර්ස්, ආදි පීටරයිට්ස් ක‍්‍රීඩා සමාජය සහ ලංකා කැවලියර්ස් යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වෙයි.
තරගාවලියේ ශූරයන්ට සහ අනු ශූරයන්ට කුසලාන පිරිනැමෙන අතර තරගාවලියේ වීරයාට, අවසන් තරගයේ වීරයාට, දක්‍ෂතම පිතිකරුට, දක්‍ෂතම පන්දු යවන්නාට සහ දක්‍ෂතම පන්දු රකින්නාටද කුසලාන පිරිනැමේ. ඊට අමතරව තරගාවලියට සහභාගි වන වයස්ගතම ක‍්‍රීඩයාට ද විශේෂ කුසලානයක් පිරිනැමීමට නියමිතය.
තරගාවලියේ ජයසංඛේත ප‍්‍රදානය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයකු වන අනුර තෙන්නකෝන් මහතාද විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන රෝයි ඩයස් මහතාද සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා ඇතුළු හිටපු ක‍්‍රීඩකයෝ රැසක් ලංකා කැවලියර්ස් ක‍්‍රිකට් සමාජයේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් පරිපාලන නිලධාරියකු වන බැසිල් පෙරේරා මහතා ලංකා කැවලියර්ස් ක‍්‍රිකට් සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.