Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රොෂේන් - ප‍්‍රියමාල් කෝල්ට්ස්ට ජයගෙනෙති

රොෂේන් - ප‍්‍රියමාල් කෝල්ට්ස්ට ජයගෙනෙති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රොෂේන් සිල්වා (නොදැවී 105) සහ ප‍්‍රියමාල් පෙරේරා (නොදැවී 92) ගොඩනැගූ අනගි සම්බන්ධතාව නිසා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කෝල්ට්ස් පිල කඩුලූ 6 ක ජයක් ලැබීය.  

මෙහිදී කෝල්ට්ස් පිල ලකුණු 74 කට කඩුලූ 4 ක් බිද වැටී සිටියදී රොෂේන් සිල්වා (නොදැවී 105) සහ ප‍්‍රියමාල් පෙරේරා (නොදැවී 92) පස්වැනි කඩුල්ලට ලකුණු 192 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් වූහ.

රොෂේන් සිල්වා පන්දු 119 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 105 ක් රැස්කිරීමට සමත් විය. යොවුන් ක‍්‍රීඩක ප‍්‍රියමාල් පෙරේරා පන්දු 101 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 92 ක් ලබාගැනීමට සමත් විය.


බ්ලූම්ෆීල්ඞ් පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 263
(ප‍්‍රිමෝෂ් පෙරේරා 40, කුසල් මෙන්ඩිස් 72, ළහිරු මධුසංඛ 46, සුරාජ් රන්දීව් නොදැවී 47, නුවන් කුලසේකර 54/3, ඩිල්රුවන් පෙරේරා 43/2)

කෝල්ට්ස් පිල  ඕවර 47 කදී කඩුලූ 4 ට 266
(සදීර සමරවික‍්‍රම 25, භානුක රාජපක්‍ෂ 30, රොෂේන් සිල්වා නොදැවී 105, ප‍්‍රියමාල් පෙරේරා නොදැවී 92, නුවන් ප‍්‍රදීප් 65/2)


-  048


අදහස් (0)

රොෂේන් - ප‍්‍රියමාල් කෝල්ට්ස්ට ජයගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.