Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රේවත විදුහලට ලකුණු 144ක ජයක්

රේවත විදුහලට ලකුණු 144ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය රේවත විද්‍යාලයත්, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයත් අතර සිද්ධාර්ථ විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවැති 30 වැනි ”වීර සටන” එක්දින කි‍්‍රකට් තරගයේ ලකුණු 144ක ජයක් ලබාගැනීමට රේවත විද්‍යාලය සමත්විය.

”වීර සටන” එක්දින කි‍්‍රකට් වංශ කථාවේ මෙතෙක් පැවැති තරග 30න් තරග 29ක ජය රේවත විද්‍යාලය හිමිකරගෙන ඇත.

සිද්ධාර්ථ විද්‍යාලයේ ඇරයුමෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි රේවත විද්‍යාලය  ඕවර 47.5 කදී සියලූදෙනාම දැවී ලකුණු 285 ක් ලබාගත්තේය. ලකුණු 200 සීමාව පසුකර යාමට රේවත විද්‍යාලයේ දිමුතු කුමාර ලබාගත් ලකුණු 85 මහඟු පිටිවහලක් විය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ සිද්ධාර්ථ විද්‍යාලයට ඕවර 31.1කදී සියලූ දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141ක් පමණි.

රේවත විදුහලේ දිමුතු කුමාර තරගයේ දක්ෂතම පිතිකරු ලෙස ද, රේවත විදුහලේම අශාන් චතුරංග දක්ෂතම පන්දු යවන්නා ලෙස ද, අවිශ්ක දිල්ෂාන් තරගයේ වීරයා ලෙස ද, සිද්ධාර්ථ විදුහලේ මියුරු දිල්ෂාන් දක්ෂතම පන්දු රකින්නා ලෙස ද සම්මාන දිනාගත්හ.


රේවත විද්‍යාලය ඕවර 47.5කදී සියලූදෙනාම දැවී 285  
(දිමුතු කුමාර 85, මොහොමඞ් ඉස්රන් 29, අවිශ්ක දිල්ෂාන් 28, උෂාන් රන්දික 37/3, තීක්ෂණ සංජීව 64/2)

සිද්ධාර්ථ විද්‍යාලය ඕවර 31.1කදී සියලූදෙනාම දැවී 141
(රන්දුනු ලක්ෂාන් 32, නිශාන් පි‍්‍රයංකර 29, අශාන් චතුරංග 25/3, මොහොමඞ් ඉස්රන් 40/3)

 

●●●


අදහස් (0)

රේවත විදුහලට ලකුණු 144ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.