Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූට් - සිබ්ලි එංගලන්තය ඉදිරියට ගෙනෙති

රූට් - සිබ්ලි එංගලන්තය ඉදිරියට ගෙනෙති

editorial - 2021 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුල් ඉනිමේදී ලකුණු 95 ක අවාසියකට මුහුණ දුන් නමුත් නොසැලී අභියෝගයට මුහුණ දෙන එංගලන්ත පිතිකරුවෝ ඉන්දියාවට එරෙහිව ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදී නැවතත් ඉදිරියට පැමිණ සිටිති. වේග පන්දු යවන්නන්ට ඉතාමත් වාසිදායක තත්ත්වයක් යටතේ, තරගයේ සිව්වැනි දිනය වන අද (7 වැනිදා) දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියේය.

එංගලන්ත නායක ජෝ රූට් (නොදැවී 56) සහ ආරම්භක පිතිකරුවා වන ඩොමිනික් සිබ්ලි (නොදැවී 27) දෙදෙනාම පිටියේ රැඳී සිටියදී ලකුණු 24 කින් ඉදිරියෙන් සිටින එංගලන්තය අතැතිව තවත් කඩුලු 8 ක් තිබේ. එංගලන්තයේ දෙවැනි කඩුල්ලත් ලකුණු 46 දී බිඳ දැමීමට මොහොමඩ් සිරාජ් සමත් වූ නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් රූට් සහ සිබ්ලි දෙදෙනා එංගලන්තය තරගයේ ඉදිරියට ගෙන ආවෝය.

මෙම තරගයේදී ජෝ රූට් ලබාගත් දෙවැනි අර්ධ ශතකය මෙයයි.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේදී ඕවර 100 කට වැඩි සංඛ්‍යාවක් අපතේ ගිය අතර එය තරගයේ තීරණයට විශාල බලපෑමක් විය හැකිය. එහෙත් අද පෙරවරුවේදී නොටිංහැම් අහස නිල් පැහැයෙන් බැබළෙමින් තිබිණ. මෙම තත්ත්වයේ වාසිය පිතිකරුවන්ටය.
අද පෙරවරුවේදී තරගය ආරම්භ වීමෙන් මඳ වේලාවකට පසුව වමත් පිතිකරු රෝරි බර්න්ස් ලකුණු 18 කට දැවී ගියේය. පසුව සැක් ක්‍රෝලි ලකුණු 6 කට දැවී ගියේ ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 14 ක ලකුණු එකතුව 156 ක රඳවමිනි.

නායක ජෝ රූට් ලකුණු 9 ක් ලබා සිටියදී ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් පිත්තේ වැදී ස්ලිප් හි සිටි විරාට් කෝලි වෙත ඇදී ගිය නමුත් එය කෝලිගේ දෑත් අතර සිරවීමට අඟල් කිහිපයක් ඉදිරියෙන් බිම වැදිණ. එතැන් සිට රූට්ගේ පිත්තෙන් ගලා ආවේ අලංකාර කවර් ඩ්‍රයිව් පහර සහ ෆ්ලික් පහර කිහිපයකි. දිවා ආහාරයට පෙර ජෝ රූට් විසින් පන්දුව 9 වතාවක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ.

ඩොමිනික් සිබ්ලි ලකුණු 24 ක් ලබා සිටියදී පා ආවරණයෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ යැයි විනිසුරු රිචඩ් කෙට්ල්බරර් තීන්දු කළේය. එහෙත් තුන්වැනි විනිසුරුවරයාගේ තීරණයට අනුව කඩුල්ල රැකගත් සිබ්ලි, දිවා ආහාරය වනතුරුම සිය කඩුල්ල ආරක්‍ෂා කරගෙන සිටියේය.


එංගලන්තය - පළමු ඉනිම 183 යි
(ඩොමිනික් සිබ්ලි 18, සැක් ක්‍රෝලි 27, ජෝ රූට් 64, ජොනී බෙයාර්ස්ටෝ 29, සෑම් කරන් නොදැවී 27, ජස්ප්‍රීට් බුම්රා 46/4, මොහොමඩ් සාමි 28/3, ශර්දුල් ඨාකූර් 41/2)

ඉන්දීයාව - පලමු ඉනිම 278 යි
(රෝහිත් ෂර්මා 36, ලෝකේෂ් රාහුල් 84, රිෂාබ් පන්ට් 25, රවීන්ද්‍ර ජදේජා 56, මොහොමඩ් ශාමි 13, ජස්ප්‍රීට් බුම්රා 28, ජේම්ස් ඇන්ඩසන් 54/4, ඔලී රොබින්සන් 85/5)

එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 119 යි
රෝරි බර්න්ස් 18, ඩොමිනික් සිබ්ලි නොදැවී 27, ජෝ රූට් නොදැවී 56, ජස්ප්‍රීට් බුම්රා 20/1, මොහොමඩ් සිරාජ් 36/1)

 

ඊයේ (06 වැනිදා) ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේ සිට අහස දිස් වූ අයුරු...

 

අද (07) තත්ත්වය...

- 213

 


අදහස් (0)

රූට් - සිබ්ලි එංගලන්තය ඉදිරියට ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.